IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලාදුරු වසංගතයෙන් මිදීමට අපට කළ හැකි දෑ

ඔබේ සිරුරේ ලප කැළැලක් දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද හෝ කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙසිනි. ඊට එපිටට ගොස් මෙම ළපය ලාදුරු රෝගයේ පෙර නිමිත්තක්ද යන්න අප කෙදිනකවත් සිතන්නේ නැත. එයට හේතුව ලංකාව සාර් ථකව ලාදුරු රෝගය මැඩ පවත්වා තිබීමය. එහෙත් මෑතක සිට දද,කුෂ්ඨ ,අලුහම් නොවන ළප කැළැල්   ලාදුරු රෝගය නිසා ද ඇතිවිය හැකි බව  සොයා ගෙන තිබේ. එහෙනම් යළිත් වතාවක් ලාදුරු රෝගය හිස ඔසවමින් සිටින බවට කළ ඉඟියකි මේ.

අපේ රටේ  වසරකට ලාදුරු රෝගීන් 1500ක් පමණ හඳුනා ගනු ලැබෙන  අතර ඉන් සියයට 40ක්  පමණ බස්නාහිර පළාතෙන් හඳුනා ගැනේ. එමෙන්ම  රෝගීන්ගෙන්  සියයට 15ක් පමණ  කුඩා දරුවන් වේ. 

සමෙහි ඇතිවන ලා පැහති ළප එකක් හෝ කිහිපයක්, සමෙන් ඉදිරියට නෙරා ආ ළප කැළැල්, සමෙහි ගැටිති හෝ ඝන වීම්, අත්/පාවල කල් ගත වූ සුව නොවන තුවාල මෙලෙස බාහිරෙන් දැකිය හැකි ලාදුරු රෝග ලක්ෂණ අතරින් විශේෂිත වේ. විවිධ විකෘතිතා සහ ස්නායුක බලපැම් ඇතිකළ හැකි ලාදුරු, මුල් අවස්ථාවේ  ප්‍රතිකාර ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකරගත හැකි අතරම අන් අයට පැතිරීමත් නවත්වා ගත හැකිය.  රෝගය බෝවිය හැකි අවධියේ පසුවන ප්‍රතිකාර නොගන්නා ආසාදිතයින්ගේ ශ්වසන බිඳිති මගින් රෝග කාරක බැක්ටීරියාව නිරෝගී කෙනෙකුට සම්ප්‍රේශනය විය හැකිය.

මෙවැනි ලපයක් හෝ කැළලක් ඔබගේ සිරුරෙහි පැවතීමෙන්   අනියත බියක් ඇති කර ගත යුතු නැත. එය ලාදුරු රෝගී තත්ත්වයක් ලෙස තහවරු වූවහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර අපේ රටේ ඇති අතර කිසිඳු ගැටලුවකින් තොරව අදාල රෝගියාට නිසි ප්‍රතිකාර ලබා දීමටද සෞඛ්‍ය අංශ වගකීමෙන් බැඳී සිටි.  මෙහිදී අප වැඩි අවදානයක් යොමු කළ යුතුම කරුණ වනුයේ නිවැරැදි රෝග විනිශ්චය සේම  නොපමාව ප්‍රතිකාර කරා යොමු වීමයි.

ලාදුරු රෝගයේ  සැක සහිත රෝග ලක්ෂණ ඇතිනම් ඉතා පහසුවෙන් ඒ පිළිබඳව සැක හැර දැනගැනීමටත් ලාදුරු මර්දන ව්‍යාපාරය හා සම්බන්ධ ෙවෙද්‍යවරයකු  හරහා ඔබට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා ගැනීමටත් දැන අවස්ථාව උදාවී ඇත. මේ උපදෙස් ඉතා කාර්යක්ෂ්මව සහ කඩිනම්ව ඔබට වට්ස් ඇප් මගින්ද ලබා ගත හැකිය .ඒ සඳහා කළ යුත්තේ, හොඳින් ආලෝකය පවතින ස්ථානයකදී ලබාගත් සැක සහිත ළප කැළලේ හෝ ගැටිත්තේ  පැහැදිලි ඡායාරූපයක්, ලපය හෝ කැලල පවත්නා කාලය  සහ ඒ ආශ්‍රිත වෙනත් රෝග ලක්ෂණ (කැසීම, රිදීම, හිරිගතිය ) ඇතුළත් කර ,පුද්ගලයාගේ නම ,වයස සහ කෙටි විස්තරයක් සමගින් ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 0754088604 අංකය වෙත වට්සැප් පණිවිඩයක් මගින් යොමු කිරීම පමණයි.

සෞඛ්‍ය අංශ මගින් හඳුන්වා දෙන ඉහතාකාරයේ සියලුම සේවාවන් ලාදුරු වසංගතයෙන් ඔබත් ඔබේ සමීපතමයනුත් මුදවා ගැනීම පිණිසය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විස්තර ඇසුරිණි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ලාදුරු වසංගතයෙන් මිදීමට අපට කළ හැකි දෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site