
ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කළ 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හතර දෙනකු ද සිටින බව පොලිසිය කියයි.
පිවිසුම් දොරටු ඉදිරිපිට කූඩාරම් ද ඉදිකර විරෝධතා දැක්වීම නිසා එම කාර්යාලවල අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන නිලධාරීන් මෙන්ම අවශ්‍යතා සඳහා පැමිණි ජනතාවට කාර්යාලය තුළට පිවිසිමට හා පිටතට යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
මේ හේතුවෙන් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලවල පිරිස හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තිබූ සාකච්ඡාවලට පවා බාධා එල්ල විය.
අත්අඩංගුවට ගත් පිරිස අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ ජෙප්පොන්ට අයි එම් එෆ් ඇවිල්ලා සල්ලි දුන්නොත් වැඩේ කෙලවෙනවා නේ ඒකයි ඔය
ජෙප්පන් තමයි 1971 ඉඳලා මේ රටේ ලොකුම සාපය. තවත් තරුණ සංහාරයක් වෙනකම් මේ අයට නින්දක් නෑ..
මේ කාලකන්නින්ට අවශ්‍ය රටේ අස්ථාවර භාවයමය. ජන ජීවිතයේ කඩාකප්පල්කාරී බවමයි. විනාශයමය. නැතිනම් ජාමුල පිරිසට බාධා කරන්නේ අහවල් දේකටද? රටේ සියලුම විශ්ව විද්‍යාල පුද්ගලීකරණය හෝ මුදල් අය කළයුත්තේ ඒ නිසායි. එවිට මෙවැනි පිරිසක් බිහි නොවනු ඇත...
අද රෑට එයාලට බුරියානි ද ලම්ප්රයිස් දෙන්නෙ?
IMF එකෙන් ආවා විතරයි, ඒකටත් බාධා වෙන විදිහට අට්ටාල අටවාගෙන.. මොවුන්ට ඕනෑ රටට තවත් කෙළවෙනවා දකින්නයි.. JVP එක කොහොමත් උත්සාහ කරන්නේ අර්බුද වවාගෙන කාලා බලයට එන්න...
නිකන් වාහනේට තෙල් ගහන්න,නිකන් කොණ්ඩෙ කපන්න, නිකන් එළවළු/පළතුරු ගන්න, නිකන් ෂර්ට්/කලිසම් ගන්න උඹලා සුනිල් හඳුන්නෙත්තිලා නෙමෙයි.
රටට වින කරන්න හදන අය.. මේ අය රට කරන්න දෙන්නේ නැහැ.
රටට මෙච්චර වෙලත් අරගලයට විරුද්ධව අදහස් දාන්න විතරක් අපේ රටේ හරක් සෙට් එකක් ඉන්නවනේ...
මුන් කාලකන්නි .JVP සහ SJB එකතු වො ගහන ගේමක්..රට අස්ථාවර කරන එකේ තේරුමක් නෑ. කෝ අර අන්තරෙ උන් ටික????