IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ලෝටස් පාර වැසූ අරගලයේ 21ක් අත්අඩංගුවට

ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කළ 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හතර දෙනකු ද සිටින බව පොලිසිය කියයි.

පිවිසුම් දොරටු ඉදිරිපිට කූඩාරම් ද ඉදිකර විරෝධතා  දැක්වීම නිසා  එම කාර්යාලවල අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන නිලධාරීන් මෙන්ම අවශ්‍යතා සඳහා පැමිණි ජනතාවට කාර්යාලය තුළට පිවිසිමට හා පිටතට යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

මේ හේතුවෙන් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලවල පිරිස හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තිබූ සාකච්ඡාවලට පවා බාධා එල්ල විය.

අත්අඩංගුවට ගත් පිරිස අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (10)

ලෝටස් පාර වැසූ අරගලයේ 21ක් අත්අඩංගුවට

kasun Monday, 20 June 2022 12:06 PM

දැන් මේ ජෙප්පොන්ට අයි එම් එෆ් ඇවිල්ලා සල්ලි දුන්නොත් වැඩේ කෙලවෙනවා නේ ඒකයි ඔය

:       22       66

යෝගා Monday, 20 June 2022 12:25 PM

ජෙප්පන් තමයි 1971 ඉඳලා මේ රටේ ලොකුම සාපය. තවත් තරුණ සංහාරයක් වෙනකම් මේ අයට නින්දක් නෑ..

:       9       21

මැක්ස් Monday, 20 June 2022 12:43 PM

මේ කාලකන්නින්ට අවශ්‍ය රටේ අස්ථාවර භාවයමය. ජන ජීවිතයේ කඩාකප්පල්කාරී බවමයි. විනාශයමය. නැතිනම් ජාමුල පිරිසට බාධා කරන්නේ අහවල් දේකටද? රටේ සියලුම විශ්ව විද්‍යාල පුද්ගලීකරණය හෝ මුදල් අය කළයුත්තේ ඒ නිසායි. එවිට මෙවැනි පිරිසක් බිහි නොවනු ඇත...

:       12       45

කොස්නැන්දා Monday, 20 June 2022 12:56 PM

අද රෑට එයාලට බුරියානි ද ලම්ප්රයිස් දෙන්නෙ?

:       6       43

ලොක්කා Monday, 20 June 2022 01:33 PM

IMF එකෙන් ආවා විතරයි, ඒකටත් බාධා වෙන විදිහට අට්ටාල අටවාගෙන.. මොවුන්ට ඕනෑ රටට තවත් කෙළවෙනවා දකින්නයි.. JVP එක කොහොමත් උත්සාහ කරන්නේ අර්බුද වවාගෙන කාලා බලයට එන්න...

:       8       25

අතුල සෞදි Monday, 20 June 2022 01:39 PM

නිකන් වාහනේට තෙල් ගහන්න,නිකන් කොණ්ඩෙ කපන්න, නිකන් එළවළු/පළතුරු ගන්න, නිකන් ෂර්ට්/කලිසම් ගන්න උඹලා සුනිල් හඳුන්නෙත්තිලා නෙමෙයි.

:       8       32

Jayasekara Tuesday, 21 June 2022 11:11 AM

රටට වින කරන්න හදන අය.. මේ අය රට කරන්න දෙන්නේ නැහැ.

:       1       1

FAIROOS Tuesday, 21 June 2022 02:01 PM

රටට මෙච්චර වෙලත් අරගලයට විරුද්ධව අදහස් දාන්න විතරක් අපේ රටේ හරක් සෙට් එකක් ඉන්නවනේ...

:       9       4

JAYASEKARAWednesday, 22 June 2022 10:36 AM

අරගලය මුවාවෙන් මේ වැඩ කරනවාට අපි විරුද්ධයි. අරගලය කියලා කරන හැම වැඩක්ම අනුමත කරන්න බැහැ කොහොමත්... පාරවල් වහගෙන, මිනිස්සු රස්තියාදු කරන වැඩ..

:       1       2

geri Wednesday, 22 June 2022 05:10 AM

මුන් කාලකන්නි .JVP සහ SJB එකතු වො ගහන ගේමක්..රට අස්ථාවර කරන එකේ තේරුමක් නෑ. කෝ අර අන්තරෙ උන් ටික????

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 541 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17269 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 699 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site