ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසියේදී රටේ සෙරමික් සහ වීදුරු කර්මාන්ත බලගැන්වීම සඳහා සිය ප්‍රමුඛ භූමිකාව අවධාරණය කළේය.
ලිට්‍රෝ ගෑස් විසින් අනුග්‍රහය දක්වන ලද මෙම තාක්ෂණික සැසියේදී, ඉතා වැදගත් අංශ වන බලශක්ති කාර්යක්ෂමතාව, තිරසාරභාවය සහ නවෝත්පාදන යන මාතෘකා කෙරෙහි අවධානය යොමු කරන ලදී. ලිට්‍රෝ හි සහයෝගීතාව, විශේෂයෙන්ම ආර්ථික අර්බුද සහ අඛණ්ඩ සැපයුම් ලබාදීමේ අභියෝග පවතින කාල පරාස තුළ අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම සහ බලශක්ති අත්‍යවශ්‍ය කර්මාන්තවල වර්ධනයට සහාය වීම සඳහා එහි දිගුකාලීන කැපවීම අවධාරණය කරයි.
2024/2025 ධුර කාලය සඳහා සභාපති ධූරය සඳහා අත්දැකීම් සම්භාරයකින් පිරිපුන් සහ නව දැක්මක් සහිත අරවින්ද පෙරේරා මහතා පත් කිරීම ද මෙම රැස්වීමේදී සිදු කරනු ලැබීය.
ගෑස් කර්මාන්තයේ ප්‍රවීණයකු වන ඉන්දියාවේ පූනේ ගෑස් සහ ලංකා ගෑස්ටෙක් සභාපත ජයිසීන් සම්පට් මහතා අනාගත තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා බලශක්ති සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කළේය. ඔහු ඛඡ ගෑස් භාවිතයේ නව ප්‍රවණතා ඉස්මතු කළ අතර, දිගුකාලීනව කර්මාන්තයේ සාර්ථකත්වය සඳහා වඩාත් තිරසාර බලශක්ති භාවිතයන් වෙත මාරුවීම අවධාරණය කළේය.
වසර ගණනාවක් පුරා, සෙරමික් සහ වීදුරු අංශය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද ගෝලීය වෙළෙඳපොළේ ස්ථාවරව පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන ඉපැයීම් සඳහා ප්‍රධාන දායකයකු ලෙස මතු වී ඇත. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනයෙන් දළ වශයෙන් සියයට 2-3 ක් පමණ මෙම ක්ෂේත්‍රවලින් වන අතර, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සඳහා මෙම කර්මාන්ත සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත.
මෑත කාලීන මූල්‍ය අර්බුදය තුළ නිෂ්පාදන මෙහෙයුම් ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ලිට්‍රෝ ගෑස් මහඟු දායකත්වයක් ලබාදීමත් සමඟ අභියෝගාත්මක කාලවලදී විශ්වාසනීය බලශක්ති සැපයුම්කරු ලෙස කර්මාන්තයේ ස්ථාවරත්වයට ප්‍රබල ලෙස සහාය වී ඇත. මෙම ස්ථාවරත්වය නිසා නිෂ්පාදකයන්ට අපනයන කටයුතු තිරසාරව පවත්වා ගැනීමටත් ජාත්‍යන්තර ඉල්ලුම සපුරාලීමටත් හැකි විය.
ලිට්‍රෝ ගෑස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා පැවසුවේ ලිට්‍රෝ සමාගම සෑම විටම කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් විශේෂයෙන් සෙරමික් සහ වීදුරු අංශ ජාතික ආර්ථිකයට ප්‍රධාන දායකත්වය සපයන්නන් වන බැවින් ඔවුන් කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් බවත්ය. ජාතික ඛඡ ගෑස් සැපයුම්කරු ලෙස, අපි ස්ථාවර ගෑස් සැපයුමක් සහතික කරන අතර බාධාවකින් තොරව නිෂ්පාදනයට සහ වර්ධනයට සහාය වීම සඳහා තාක්ෂණික උපදේශ ලබා දෙන බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.
(සී මුණසිංහ)
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ