(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් බිලියන 1.5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට පිරිනමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (20) පැවසීය.
ගෑස් මිල අඩු කරමින් ජනතාවට සහන දෙන අතරතුර ලැබූ සුළු ලාභයෙන් කොටසක් එම ලාභයේ නියම අයිකරු වන රජයට එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හරහා යොමු කරන බවත් මෙම මුදල් රජය පාවිච්චි කිරීමෙන් අවසන් ප්‍රතිඵලය ලෙස ජනතාවට සහන ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් මුදිත පීරිස් මහතා කීය.
ආර්ථික ගොඩනැගීමට රජය දරණ උත්සහයට සහයෝගයක් ලෙස මෙම දැවැන්ත මුදල ප්‍රදානය කරන බව කී මුදිත පීරිස් මහතා පැවසුවේ රජය මෙම මුදලින් අස්වැසුමට ව්‍යාපෘතියට හෝ රජයේ සේවක වැටුප් ගෙවීමට හෝ ඕනෑම දෙයකට පාවිච්චි කළ ද එම මුදලින් එහි සැබෑ අයිතිකරුවන් වන ජනතාවට නැවත ලැබෙනු ඇති බවත්ය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කොළඹ පිහිටි එම සමාගමේ මූලස්ථානයේදී අද (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් එක්දහස් ගණනකට තිබූ ගෑස් සිලින්ඩරයක මිල පන්දහසක් දක්වා ඉහළ දැමීම නිසා මහා භාණ්ඩාගාරයට ලාභ පෙන්වීමට හැකි උනා නේද ? දැන් ලිට්රෝ ලාභදායක බැවින් තවත් මිල අඩුවීමක් කළ යුතුය.
රටෙ උද්ධමනය පහල දමන්න රජයට අවශ්‍ය නම් ගෑස් සිලින්ඩරෙ මිල අඩු කරන්න
ඔක කෙලින්ම ජනතාවට දෙන්ඩ තිබුන , ගෑස් වල තව මිල අඩුකරන්ඩ තිබුන නෙ , අපරාදෙ භාන්ඩාගාරයට යැවුවෙ , ඔකෙන් වෙන්නෙ මති අමතිවරුන්ට නිකම් වියදම් කරන්ඩ බෙදල දෙන එකනෙ
විදුලි බල මන්ඩලයේ සහ ඛනිජ තෙල් සභාපතිවරුන් මෙය පූර්වාදර්ශයට ගත යුතුය
රිවර්ස් සරදියෙල් ,ජනතාවගෙන් කොල්ලකාලා මහා භාණ්ඩාගාරයට.