
(දයාසීලි ලියනගේ)
ලිට්‍රෝ ගෑස් සමාගම විගණනය කිරීමට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම ඉවත් කර ගැනීම නිසා එම සමාගම විගණනය කිරීමට ප්‍රථම වරට ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී විගණකාධිපති චූලාන්ත වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ සංස්ථා හා සියයට 50ක කොටස් රජයට හිමි ආයතන පමණක් විගණනය කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව හැකියාව ඇති බවයි.
රක්ෂණ සමාගම යටතේ පවතින ආයතනයක් වූ ලිට්‍රෝ සමාගම සියයට 100ක්ම රාජ්‍ය ආයතනයක් වුවත් සමාගමක් නිසා මෙතෙක් කාලයක් විගණනයට භාජනය නොවූ බව ද ඔහු කියයි.
මෙම ආයතනය විගණනයට යොමු කිරිමට තීරණය කළ නිසා ඒ සම්බන්ධයෙන් වරණයක් ඉල්ලා එම සමාගම අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ බව ද විගනකාධිපතිවරයා සඳහන් කෙළේය.
එහෙත් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයකුගේ හා විගණන අංශවල ඉල්ලීම මත එම පෙත්සම ලිට්‍රෝ සමාග මගින් ඉවත්කර ගැනීම නිසා ගිය සතියේ සිට විගණනය ආරම්බ කළ බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විගණනය කරලා විතරක් මදි පොදු දේපලක් ලෙස ප්රකාශයට පත් කරන්න.
ඒ සදහා අදාල ආයතනය මෙන්ම විගනාකධිපති දෙපාරත්මේන්තුව වැය කල මුදල් අදාල නිලධාරීන්ගෙන් අය කල යුතුයි.