(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් බෙදා හැරීම පිට පිටම සිවුවැනි දිනටත් භෙට (27) නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරන් මහතා අද (26) පස්වරුවේ පැවසීය.
ලිට්‍රෝ සමාගම සතුව තිබූ ගෑස් තොග අවසන් වීම නිසා ගෘහස්ථ ගෑස් නිෂ්පාදනය පසුගිය 23 වැනිදා අත්හිටුවීමත් සමඟ පසුගිය 24 වැනිදා සිට ගෑස් සැපයීම නතර විය.
ගෑස් මෙටි්‍රක්ටොන් 3,500 ක් රැගත් නෞකාවක් ඊයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බවත් එහි ගෑස් ගොඩබෑමෙන් පසුව සැපයුම ආරම්භ කිරීමට හැකි වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සතියේ සල්ලි ගෙව්වා කියපු නැව් දෙකේ ගෑස් වාෂ්ප වෙලාද? කරුණාකරලා කරන්න බැරිනම් අස්වෙලා ගෙදර යන්න.