සිතුම් චතුරංග
කතරගම සිට අනුරාධපුර හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථවලට අද (2) කිසියම් පිරිසක් විසින් එල්ල කළ ගල්මුල් ප්රහාර හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව චාවකච්චේරි පොලිසිය කියයි.
යාපනය නුවර ඒ නවය මාර්ගයේ චාවකච්චේරි නූනාවිල් ප්රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති අතර ගල්මුල් ප්රහාර හේතුවෙන් බස්රථවලට දැඩි අලාභ හානි සිදුව තිබේ.
රාජකාරි නිමාකර චාවකච්චේරි පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස තුවාල ලබා චාවකච්චේරි රෝහල වෙත ඇතුළත් කර ඇත.
මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ රත්නායක නැමති චාවච්චේරි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර චාවකච්චේරි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය වැඩ පටන් අරන් වගේ...
භයංකාර ඒ අඳුරු සෙවනැලි නේද මේ එන්නේ?
දැන් දැන් එනපොට හොඳ නැහැ... ප්රභාකරන්ගේ අවතාර නැගිටින පාටයි. බලධාරයිනි, ඉක්මණින් පියවර ගන්න.
ඔය ඉතුරු හමුදා කඳවුරු ටිකත් වහලා දැම්මා නම් තව වැඩ බලන්න පුළුවන් වසර 3ට කරපු ප්රථිපල ටික තමා.
මේ මාර්ගයේම පුද්ගලික බස් ධාවනයක් සිදුවෙනවාද බලන්න. එහෙම නැත්නම් ඇඹිළිපිටියේ සිටවත් අනුරාධපුර හරහා යාපනයට බස් ධාවනයක් සිදුවේද බලන්න...
බලධරයිනි, ඉක්මන් කරන්න. ඔවුන් නීතිය අතට අරන් වගේ... යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද.?