IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලංගම බසයේ රෝදය ගැලවේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හෝමාගම ලංගම ඩිපෝවට අයත් සිසු සැරිය බස් රථයක් ධාවනය වෙමින් තිබියදී නුගේගොඩ හයිල්ලෙවල් මාර්ගයේ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී එහි රෝදයක් ගැලවී මාර්ගය දිගේ ගියත් කිසිවකුටත් හානියක් සිදු නොවුනේ පෙර පිනකට යැයි නගර වාසීහු පවසති. 

ගැලවී ගිය රෝදය මාර්ගය හරහා ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ව්‍යායාම් උපකරණ කට්ටල අලෙවි කිරීමේ වෙළඳසලකට කඩා වැදීමෙන් එහි දේපළවලට බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කොළඹට නුදුරු පුද්ගලික සරසවියක සිසු සිසුවියන් ප්‍රවාහනය සඳහා හෝමාගම ලංගම ඩිපෝවේ සිට කිරුළපන දක්වා හයිලෙවල් මාර්ගය ඔස්සේ අද පෙරවරු 6.45 පමණ ධාවනය වූ බස් රථයේ වම් පස පිටුපස රෝද දෙකෙන් එකක් මෙලෙස එකවරම ගැලවී මාර්ගය හරහා ගොස් මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම දිනවල පාසල් නිවාඩු දිනයක් වුවත් ජනාකීර්ණ නුගේගොඩ නගරය ආසන්නයේ මෙවැනි අනතුරක් සිදු වී මාර්ගයේ පා ගමනින් හෝ ගමන්ගත් කිසිවෙකුටත් තුවාල සිදු නොවීම පුදුම සහගත යැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (1)

ලංගම බසයේ රෝදය ගැලවේ

අපකීර්ති වර්ණකුලසූරිය Tuesday, 07 May 2024 10:31 AM

බසය හා රෝදය අතර අදහස් නොගැලපෙන බැවින්, රෝදය වෙන පාරක තනියම යන්න තීරණය කරන්න ඇති. ඔක සාමන්‍ය තත්වයක්. කවුන්සින්ලින්ග් හරහා මෙවැනි තත්ව හරිගස්ස ගන්න පුලුවන්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site