IMG-LOGO

ලංගම බසය ප්‍රපාතයට පෙරළේ

(රංජිත් රාජපක්ෂ)

කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 18 දෙනකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත (01) දින අලුයම ඇතුළත් කල බව වටවල පොලිසිය පැවසිය.

අද අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදිය.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි වටවල පොලිසිය පැවැසීය.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මගින් 18 දෙනකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බවත්, බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

සෙසු තුවාලකරුවන් තත්ත්වය බරපතල නොවන බව වටවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුල මගින් 100 දෙනකු පමණ ගමන් කරමින් සිටි බව අනතුරෙන් තුවාල ලබා වටවල රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවෙකු පැවසිය.



අදහස් (1)

ලංගම බසය ප්‍රපාතයට පෙරළේ

සල්ලි Tuesday, 01 August 2023 10:18 AM

ලංගම ලොරිය ප්‍රපාතයේ කීවා නම් හරි. ඕවා බස් නෙමේ ලොරි. ලංකාවේ ඉන්නවා ඒසී බස් එකක ජීවිතේට නොගිය මිනිස්සු. හැබැයි අපි රොකටුත් ඇරියා. ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය තියනවා මිනිස්සුන්ගේ ඉල්ලීම නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 17 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 183 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 506 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site