(යොහාන් භාසුර)

ලංකා ගමනා ගමන මණ්ඩලයේ දුර සේවා බස් රථ කාලසටහන් පළමු වරට අන්තර්ජාලයට ඇතුළත් කිරීම අද (10) ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

දුර සේවා බස් රථ කාලසටහන මගීන්ට ඉතා පහසුවෙන් 1315.lk වෙබ් අඩවියෙන් සහ 1315.lk ජංගම යෙදුම ඔස්සේ අද සිට ලබාගත හැක.

එම වෙබ් අඩවියට සහ ජංගම යෙදුමට පිවිසීමෙන් තමන් කැමති ආසනය තෝරාගෙන වෙන් කර ගැනීමේ හැකියාව දී ඇති අතර දිවයිනම ආවරණය වන පරිදි බස් රථ ගමනාන්ත සඳහා මගී ආසන වෙන් කිරීමේ හැකියාව මේ හරහා ලැබේ.

sltb.eseat.lk හෝ 1315.lk යන තත්‍ය කාල මගී ආසන වෙන් කිරීම සහ මගී ප්‍රවාහන තොරතුරු ලබා ගැනීම ඇතුළු සියලු පහසුකම් එකම තැනකින් ගත හැකි ශ්‍රී ලංකාවේ විශාලතම වෙබ් අඩවියයි.

වෙබ් අඩවියට අමතරව දිවයින පුරා පිහිටි 40කට අධික ප්‍රධාන බස් නැවතුම් පොළවල පිහිටුවා ඇති කවුන්ටර් හරහා මෙන්ම 1315 ක්ෂණික ඇමතුම ඇමතීමෙන් ද මෙම සේවාව ලබා ගත හැක.

මෙම ක්ෂණික ඇමතුම භාෂා තුණෙන් සමන්විත 24 පැයේ ක්‍රියාත්මක සේවාවක් වන අතර බස් ගමන් සේවා පිළිබඳ තොරතුරු, ආසන වෙන් කිරීම හා කොන්දොස්තර මහතා සමඟ සම්බන්ධීකරණය ආදී පහසුකම් ද ඕනෑම මොහොතක ගත හැකි වීම මේ ඔස්සේ සලසා ඇති තවත් විශේෂ පහසුකමකි.