(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර  කල්මුන කුඩි මාදවන් ප්‍රදේශයේ විකිණිමට සඟවා තිබු ඩිසල් බැරල් 22 ක් අත් අඩංගුවට ගැනිමට ගත් බව පොලිසිය කියයි.

කල්මුනේ මුලස්ථාන පොලිස් පරීක්ෂක ලසන්ත කලුආරච්චි මහතාට ලැබුන තොරතුරක් අනුව මෙම වැටලිම සිදුකර තිබේ.

මෙම ඩිසල් බැරල් 22 තුල ඩිසල් ලිටර් 4620 ක් තිබි ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 17 ක් පමන වන බව විමර්ශණ නිළධාරින් පවසයි.

අත් අඩංලුවට ගත් සැකකරු විවිධ ක්‍රම උපයෝගි කර ගනිමින් මෙම ඩිසල් එකතු කර සගවා තිබේ.