(එච්.එම් ධර්මපාල )
දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත යන පොලිස් වසම් තුළ පසුගිය කාලයක් පුරා නිවාස බිදුම් සිදුකර රුපියල් ලක්ෂ 70 කට අධික වටිනා රන්භාණ්ඩ, මුදල් , ලැප්ටොප් , විදුලි උප කරණ සොරාගත් බවට සැකකරන අධිකරණ වෙරන්තු 16 ක් ද ඇති සැකකරුවෙක් දෙහිවල මුවර් පාරේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සොරාගත් ලැප්ටොප් එකක් හා ස්ටර්ලින් පවුම් 300 ක නෝට්ටු තොගයක්ද ඔහු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇතැයි දෙහිවල පොලීසිය අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු දෙහිවල මල්වත්ත පාර පදිංචිව සිට ඇති අතර දැනට ස්තීර පදිංචියක්ද නොමැතිව තැන තැන නවාතැන් ගෙන පොලීසි මග හරිමින් සිටි පොලීසියද සොයමින් සිටි ගල්කිස්ස අධිකරණය මගින් සොරකම් ගනනාවකට වරෙන්තු 16 ක්ද නිකුත් කර ඇති වයස අවුරුදු (62) ක්ද වන අයෙකුද වන බවත් පොලීසිය කියයි .
දෙහිවල පොලීසියට ලද රහසිගත තොරතුරකට අනුව පුද්ගලයෙකු මුවර්පාර ප්‍රදේශයේ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් අලෙවි කිරීම සදහා සූදානමින් සිටින බවට ලද තොරතුරකට අනුව ගැනුම්කරුවකු පැමිණෙනතුරු රැදී සිටියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd