(ඩයනා උදයංගනී)
කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මෙම ගාස්තු පෙබරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මෙම ගාස්තු අයකිරීම සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් සිදුකරන අතර, 1985 වර්ෂයෙන් පසු මෙම ගාස්තු සංශෝධනය කර නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ගත වූ වසර 37 ක කාලසීමාව තුළ ඉන්ධන පිරිවැය, ගුවන් ගමන් පාලන වියදම්, ගුවන් තොටුපල මෙයෙහුම් කටයුතු ඉහළ ගොස් ඇති නිසා ඊට අනුරූපිකව ආදායම් වර්ධනය කරගැනීම සෑම රටක්ම සිදුකර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව ජාත්‍යන්තර ගුවන් ගමන් පිළිබඳවත් පුළුල් අධ්‍යයනයක් කර මෙම පියවර ගෙන ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1985 වර්ෂයෙන් පසු මෙම ගාස්තු සංශෝධනය කර නැතැයි කියන්නේ ...මොන මොංගල් වැඩක්ද?තව කොච්චර ඇතිද මේ වගේ ඒවා?
ඔව් .. අපිත් මෙකට එකඟයි ... කුරුල්ලෙකුටවත් අපෙ රට උඩින් පියාන්න දෙන්න එපා .. !!!
මේ බුල්ඩෝග් නිසා අපිට ලැබෙන " සොච්චමත් "නොලැබෙන්නයි යන්නේ කියලයි මට හිතෙන්නේ. ජාත්‍යන්තර ගුවන් මාර්ග වැටිලා තියෙන්නේ කටුනායක හරහා පමණයි. මෙතෙක් කල් ඉඳලා හිටලා මත්තල - (ගුවන්යානා නොඑන -) ගුවන්තොටුපොළ හරහා යානයක් දෙකක් යනවා.ඒවාට ඒ අය ගෙවනවා. නමුත් මේ දියවන්නාවේ පිස්සන් කොටුවේ ලැගලා ඉන්න මොලේ නැති " බත් සමග රට "කන ගවයින් ඒ මිල වැඩිකලොත් ඔය මත්තල හරහා ගුවන් ගමන් තවත් අඩුවේවි.මේ නාකි හැත්ත මැරෙන්න කලින් අපිවත් මරාගෙනම මැරෙන්නයි යන්නේ. නොදෝමකින් කාලකන්නි.
බන්දුල කෙරුවොත් ගොන් වැඩක්
මොන්ගල් බේබිලා ගෙ කතා ඇහුවම පුදුම හිතෙනවා. 1985 පසුව කිසිම සන්ශොදනයක් කරලා නැහැලු. ඉතින් යකෝ. අයාතනත් සමග රට කඩා වැටෙන එක අහන්නත් දෙයක්ද උබලා සේරම මහබැන්කුවයි. ජනතවගෙ අර්තසාදකයයි ලස්සනට සුද්ද කෙරුවා. ලෝකෙන් ලැබුන ආදාර තිබුන නිසා. කිසිම ආයතනයක් දිහා ඇහැක් අරලා බලන්න උවමන වුනෙ නැහැ. දැන් හිදිලා නේ. මුන්ව පොල්ලෙන් ගහලා එල්ලන්න ඕන. ඒ දවස් වල ඉදලා. මිනිසාගෙ ඇගට නොදැනෙන විදියට රුපියලෙන් රුපියල වැඩි කෙරුවානම්. අද වෙනකොට කොයිතරම් මුදලක් ඉතුරුද. දැන් හැම පැත්තෙන්ම ජනතාව හිරවෙලා ඉන්නෙ. උබලගෙ තුන් දෙන්ක්ට විතරනෙ කලු කබාය තියෙන්නෙ. ඒක පුච්චපල්ලා.