
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර නිෂ්පාදනාගාරය වන හොරණ, මිල්ලෑවේ ලංකා බයෝ ෆර්ටිලයිසර් සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි.
වර්ග අඩි 40,000කින් යුත්, නවීන තාක්ෂණයෙන් යුතු නිෂ්පාදනාගාර වලින් සමන්විත මෙම කර්මාන්තශාලාවෙි ශ්‍රී ලංකාවට අවශ්‍ය ජෛව පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කෙරිණි.
මෙහි වාර්ෂික ජෛව පොහොර ලීටර් මිලියනයක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයකින් යුක්ත බවත් මූලික අධ්‍යයන ආයතන හා සම්බන්ධ වෙමින් මෙම කර්මාන්තශාලාවෙි බයෝ ෆිල්ම් ජෛව රසායන පොහොර නිපදවන අතර, ඒවා 100%ක්ම ස්වභාවික, පරිසර හිතකාමී ජෛව පොහොර බවත් අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, අපට ඕනේ, දිගම, ලොකුම, විසාලතම, නවීනතම ඒවයි. පොර දාලා බැලුවහම තමයි ඉතුරු ටික.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙම බයෝ පොහොරවල ගුනාත්මකබව තහවුරු කරලද ?
මේකත් අර පවුලෙ එකක්ද?
පොහොර පිලිබඳ විශේෂ දැනුමක් තියන කෙනෙක් ඔය අමාරුවෙන් ලේබලය කියවන්නේ
ඕවා ටිකක් බිවුවානම් ඇමතිතුමාගේ මොලේ වැඩෙන්න
ඉහඉහළම තාක්ෂණය භාවිතා කරලා මේ පෝර හදන්නේ කොල පාට ගොයම් වලට දාපු ගමන් ගොයම් කහ පාට වෙනවා බය නැතිව දාන්න
මාරයි නේ. ලංකාවේ පොහොර අවශ්‍යතාවය ටොන් ලක්ෂ 8-10ක් විතර. මේ අති විශාල කර්මාන්තශාලාවේ ටොන් දාහක් හදනවලු නේද ?
Excellent concept. It's helping all sections and save money from FAKE Producers.
ධනාත්මකව දකිමු. ජයෙන් ජයවේවා ව්‍යාපාරයට.!!!!!!!!!!!
ඉතා අගනා කාර්යයකි ශ්‍රී ලාංකිකයෙකු ලෙස තම රටට ඉටුවිය යුතු මෙහෙය එම සොයාගැනීම කළ විද්‍යාඥයන්ට හා එය ක්‍රියාවට නැන්වු හා මුදල් වියදම් කර එම කර්මාන්තශාලාව විශාල පරිශ්‍රමයන් දැරෑ කොම්පැණියට මගේ ප්‍රණාමය.
මේවට අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින්ද? දන්නේ නැති නිසා අහන්නේ.
මොලේ පෑදුනේ චන්දේ ළග නිසාද