(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය ඇති රටවල් අතර තවත් ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකාව හතරවන ස්ථානය දිනා ගෙන ඇත.

ලෝක බැංකුව ආහාර උද්ධමනය පිළිබඳ නිකුත් කළ නවතම වාර් තාවේ මේ බව සඳහන් වේ.

අදාළ වාර් තාවට අනුව,ලොව ඉහළම නාමික ආහාර උද්ධමනයක් සහිත ශ්‍රී ලංකාවට ඉදිරියෙන් තිබෙන රටවල් වන්නේ සිම්බාබ්වේ, ලෙබනනය සහ වෙනිසියුලාවයි.ලෝක බැංකුව ආහාර උද්ධමනය පිළිබඳ අගෝස්තු මස නිකුත් කළ වාර් තාවේ,ලොව ඉහළම නාමික ආහාර උද්ධමනයක් සහිත රටවල් අතර ශ්‍රී ලංකාවට පස්වෙනි ස්ථානය හිමිවිය.

මෙවර වාර් තාවේදී ගියවර හතර වෙනි ස්ථානය හිමිකරගෙන සිටි තුර් කිය පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව හතරවෙනි ස්ථානය දිනා ගත්තේය.

නාමික ආහාර උද්ධමනය ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාව ලෝකයේ හතරවෙනි ස්ථානය දිනා ගනිද්දී සැබෑ ආහාර උද්ධමනය ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාව ලෝකයේ තුන්වෙනි ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.

2021 සහ 2022 වසරේදී රටවල් 53 ක එකතු කළ දත්ත වාර් තා වලට අනුව එම රටවල් වලින් රටවල් 45 ක ජනතාව මිලියන 205.1 ක් ආහාර අර් බුදයකින් පෙළෙනු ඇති බවත් එසේත් නැතිනම් ඔවුන් මුහුණ දී ඇති ආහාර අර් බුදය තවත් දරුණු අතට හැරෙනු ඇති බවත් ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.

එම වාර් තාවට අනුව ශ්‍රී ලංකාවේ නාමික ආහාර උද්ධමනය සියයට 91 කි.