
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය ඇති රටවල් අතර තවත් ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකාව හතරවන ස්ථානය දිනා ගෙන ඇත.
ලෝක බැංකුව ආහාර උද්ධමනය පිළිබඳ නිකුත් කළ නවතම වාර් තාවේ මේ බව සඳහන් වේ.
අදාළ වාර් තාවට අනුව,ලොව ඉහළම නාමික ආහාර උද්ධමනයක් සහිත ශ්‍රී ලංකාවට ඉදිරියෙන් තිබෙන රටවල් වන්නේ සිම්බාබ්වේ, ලෙබනනය සහ වෙනිසියුලාවයි.ලෝක බැංකුව ආහාර උද්ධමනය පිළිබඳ අගෝස්තු මස නිකුත් කළ වාර් තාවේ,ලොව ඉහළම නාමික ආහාර උද්ධමනයක් සහිත රටවල් අතර ශ්‍රී ලංකාවට පස්වෙනි ස්ථානය හිමිවිය.
මෙවර වාර් තාවේදී ගියවර හතර වෙනි ස්ථානය හිමිකරගෙන සිටි තුර් කිය පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව හතරවෙනි ස්ථානය දිනා ගත්තේය.
නාමික ආහාර උද්ධමනය ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාව ලෝකයේ හතරවෙනි ස්ථානය දිනා ගනිද්දී සැබෑ ආහාර උද්ධමනය ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාව ලෝකයේ තුන්වෙනි ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.
2021 සහ 2022 වසරේදී රටවල් 53 ක එකතු කළ දත්ත වාර් තා වලට අනුව එම රටවල් වලින් රටවල් 45 ක ජනතාව මිලියන 205.1 ක් ආහාර අර් බුදයකින් පෙළෙනු ඇති බවත් එසේත් නැතිනම් ඔවුන් මුහුණ දී ඇති ආහාර අර් බුදය තවත් දරුණු අතට හැරෙනු ඇති බවත් ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.
එම වාර් තාවට අනුව ශ්‍රී ලංකාවේ නාමික ආහාර උද්ධමනය සියයට 91 කි.

2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව ලෝක ආහාර උද්ධමනයේ 4වන තැනට
sena Tuesday, 20 September 2022 12:25 PM
නියමයි නේද? කාටද ආඩම්බර?
Mahi Tuesday, 20 September 2022 02:08 PM
හතර වෙනි තැනත් ඇතිනේ, පළවෙනිය වෙන්නම අවශ්‍ය නෑ.
Mahi Tuesday, 20 September 2022 02:11 PM
50%ක් වගකිව යුත්තේ පාලකයෝ. ඉතිරි 50%ට කවුද වග කියන්නේ..? අපේ වගකීම. ඔබත්, මමත් ඇතුළුව.
සනත් Tuesday, 20 September 2022 02:14 PM
මේ වාර්තා කිසිසේත්ම පිළිගන්න බැරි වාර්තා. වාර්තා හදන්න පාදක කරගත් මූලාශ්‍ර කරුණාකරලා එම ආයතන මගින් හෙළිකරන්න. නෙළුම් කුළුන මහජනතාවට විවෘත කරලා දින කීයද? ආදායම කෝටිය ඉක්මවා ගිහින් අපේ රටේ අය තමයි මුදල් ගෙවලා බැලුවේ. මේ රටේ සම්පත් හා මුදල් බෙදීයෑමේ අසමානකමක් තියනවා. එයයි ප්‍රශ්නය... ණය ගත් අයගේ පොළි අනුපාතය මහ බැංකුව වැඩිම වැඩි කළා. ස්ථාවර ගිණුම් හිමියන්ට පොළිය වැඩිකළා සල්ලි තියන අය ස්ථාවර ගිණුම් විවෘත කරනවා හිටු කියලා. ඒ අයට හොඳයි. සාමන්‍ය ණය ගත් අයට පොළිය උහුලන්න බැහැ. මේ එක අසමානතාවයක්. එමනිසා සමස්ථ රටේ දර්ශකය ඔය සංඛ්‍යා ලේඛනවලින් හෙලිවන්නේ නැහැ... දැන් රටේ පවතින දේශපාලනික හා අස්ථාවරභාවය මත විවිධ සංවිධාන, පුද්ගලයින්, ආයතන බොර දියේ මාළු බානවා... කරුමය මේවාට කෙළින් කථාකරන්න කෙනෙක් නැති එක...
sharm warn Tuesday, 20 September 2022 02:47 PM
අපෝ, උද්ධමනය වගේද අපිට දැන් කුළුණක් තියෙනවා. උඩට ගියාම දිව්‍ය ලෝකෙත් පේනවලු. බිමට පනින්න විතරයි තියෙන්නේ. කන්න බොන්න දෙයක් නැතිනම්.. රුපියල් 500ට දෙව්ලොව යන්න තියෙනකොට මොන උද්ධමනද?