
( තිළිණි ද සිල්වා )
ඉදිරි පස්වසරක කාලයකට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන සදහා ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ඇමෙරිකා ඩොලර් මිලයන 19 ක ප්‍රදානයක් කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය සදහන් කරයි.
මෙම ප්‍රදානයෙන් වසර 2030 වන විට සියයට 70 ක් දක්වා පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා රජයට සාහාය වීමත් , මෙරට බලශක්ති අංශ්‍ය විශ්වාස තැබිය හැකි දීර්ඝ කාලීන පද්ධතියටක් බවට පරිවර්තනය කිරීමටද දායක වන බව ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.
ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන යටතේ පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීම සදහා ඉඩ සැලසෙන පරිදි ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් කිරීම , අඩු වියදම් , තරගකාරී විකල්ප හදුනා ගැනීමට ආරම්භක තාක්ෂණ ව්‍යාපාර වලට අත දීම හා දැරිය හැකි මිළකට සියලු පුරවැසියන්ට විදුලි සැපයුම සිදු කිරීම ට අපේක්ෂා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයිඩන් මහත්තයෝ සල්ලි නම් අතට දෙන්න එපා. සතා ශුවර් නෑ... රත්තරන් පාලමෙනුත් අත යට පෝශක ජපානෙන් ලැබුනේ නැති නිසා මේකට නම් දෙනවා දෙනවාමයි.....
තානාපති මහතා, කරුණාකරලා අතටනම් සල්ලි දෙන්න එපා.
අධිරාජ්‍යවාදීන් තුරන්කරමු. සල්ලි ටිකනම් ගත්තට කමක් නැහැ
සල්ලි කුට්ටි පිටින් පිනට ලැබෙනවා නම් ඉතින්, ඇමරිකන් විරෝධය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී බලවේග, කියමින් බුරන කුක්කෝ එකෙක්වත් නැහැ. එක අතකට, ඇමරිකන් කාරයින්ට පිස්සුද දන්නේ නැහැ, මේ වගේ අමනයින් සිටින රටවලට මුදල් පොම්ප කරන්න. ලාභයක් ලබන්න ඕන නම්, ලෝකයේ කොතරම් ශිෂ්ඨ සම්පන්න දිළිඳු ජාතීන් ඉන්නවද ඔවුන්ටත් උදව් කරන්න. කලගුණ නොදත් නොදත් ගුණමකුවන්ට මොන දේ ලැබුනත් වගතුවකුත් නැහැ. හැමදාම ලෝකෙන්ම හිඟා කනවා. එත්, බලන්න එපැයි මේක ඇතුලේ ඉඳගෙන ගහන පම්පෝරිය??
ප්‍රදානය කළාද? එහෙනම් අහවල් පවුලේ කට්ටිය කීයක් සාක්කුවේ දා ගත්තද දන්නෙ නෑ...