
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ නාවික සහ ගුවන් හමුදා වෙත ඉන්ධන ලබා දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඉන්දීය රජය සමඟ එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු කොමසාරිස් පෝල් ස්ටෙෆන් මහතා පැවසුවේය.
එය අන්තර්ජාතික අපරාධ මැඩලීමට ඕස්ට්‍රේලියාව දීර්ඝ කාලයක සිට ලබා දෙන සහයෝගීතාවය ඉදිරියට ගෙන යාමට උපකාරී වනු ඇතැයි පෝල් ස්ටෙෆන් මහතා සඳහන් කළේය.ඉන්දියානු සාගරයේ අසල්වැසියන් ලෙස ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව කලාපීය ආරක්ෂාව සහතික කිරීමට කැපවී සිටින බව පෝල් ස්ටෙෆන් මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd