
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10ක් වුනත් ඒවා ගෙවන්නට ලංකාව සතුව ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.
ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කියා දෙයක් නැතැයි ද පාට පක්ෂ භේද අතහැර සියලු දෙනාට එකතු වෙන්නැයි පුන පුනා ඉල්ලා සිටින්නේ මේ අර්බුදයෙන් රට ගොඩ ගැනීමට බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසූයේ ලංකා ඉතිහාසයේ පළමු වරට අප ණය ගෙවන්නට බැරි තැනට පත්ව ඇති බවයි.එන මාස 12ට ඩොලර් බිලියන පහමාරක පමණ ණයක් ගෙවන්නට සිදුවෙන බවත් ණය නොගෙවන පසුබිම යටතේ අපට එකවර කොපමණ මුදලක් ගෙවන්නට සිදු වනවා දැයි පැහැදිලි කරන ලෙසත් හර්ෂ ද සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි නෑ.. සල්ලි නෑ කියකියා ඉන්න එපා. මේ වෙලාවේ එක්වරම ලොකු මුදලක් හොයාගන්න තියන එකම ක්‍රමය තමයි ඔය ගජ මිතුරන් හොරකම් කරපු රටේ සම්පත් ගැන විධිමත් පරීක්ෂණයක් කරලා වහාම එම දේපල සහ මුදල් රජයට පවරා ගැනීමයි. ඒ වගේම ඇතැම් දේශපාලකයින් රටින් පිටකරලා තියන මුදල් ගැනත් හොයලා බලන්න. ණය ටික ගෙවලා රට සුරපුරයක් කරන්නත් පුළුවන් වෙයි...
මහ බැංකුව හොරකම් කළාට පස්සේ දැන් සල්ලි නෑ කියනවා.
ඕක මට දෙන්න. ණය නෙවෙයි ඩොලර් බිලියන 5-6 ක සංචිතයක් මාස 06ක ඇතුළත හදලා දෙන්නම්...
රටරටවලින් හොරකම් කරපු සල්ලි හොයාගන්න අංශයක් තියෙනවාලු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ... බැරිද එම අංශයටවත් කියලා රටේ ණය පියවාගන්න සහායක් ඉල්ලුවොත්.. ආරංචියේ විදිහට නම් ඩොලර් බිලියන ගණනාවක්... රටින් පිටවෙලා තියෙනවලු...
මේ රටේ මහා විනාශය සියල්ලකටම වගකිව යුත්තේ සිරා සහ රනිල් දෙදෙනාය. එදා යහපාලන බලය ගත්තු දවසේම මේ හිඟන හොරුන්ට විරුද්ධව නඩු අසා වහාම "අමුඩ ගස්සවා" කූඩුවට දැම්මා නම්... අද අපේ රටට මෙවැනි ව්‍යවසනයක් සිදුනොවීමට ඉඩ තිබුණා. මේ රනිල් දැනුත් කරන්නේ හොරුන් බේරා රට වලපල්ලට යැවීමයි...
ඩොලර් නෑ කියලා අපිට කියන්නේ අපිද ඕවට පලි.රටම හොරාකාපු දුශිත පවුල් පාලනේ උන්ගෙන් අය කර ගන්ඩ බැරියැ .
ඔබතුමා පුළුවන් කියලනේ බාරගත්තේ... දැන් නැහැ කියලා හරියන්නේ නැහැ... මිනිස්සු ඊළඟ පාර එන්නේ ඔබතුමාගේ ගෙදර තමයි.
ණය ගන්නත් බෑ... ණය ගෙවන්නත් බෑ... යයි අඬ අඬා ඉන්නද ආණ්ඩුව බාර ගත්තේ..? රට විරුවන්ගෙන් ඩොලර් ලබාගැනීමට නම් ජනතාවගේ විශ්වාසය දිනූ ආණ්ඩුවක් පත් වෙන්න ඉඩහැර පැත්තකට වෙන්න...!
මොනවද හොරකම් කරලා තියෙන්නේ කියලා ඔබගේ මිත්‍ර මහින්දට කියන්න..!
2019 ඩොලර් බිලියන 7ක් තිබිච්ච ඩොලර් සංචිතවලට මොකද වුනේ..? රනිල් වික්‍රමසිංහ ඇත්තටම ජනතාවට ආදරේ නම් පටන් ගන්න විගණනයක්. ජනතාවත්, රටත් බේරගන්න අවංක උත්සාහයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
ඇයි, අර කොරෝනා වසංගත සමයේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ගසාකාපු ඩොලර් නැද්ද? මැදපෙරදිග රටවල කාන්තාවන් අසරණ වෙලා ඉද්දී ලංකාවේ ගුවන් තොටුපොළ වහලා ඔය මහලොකු රට බේරාගත්තා අමතකද? ලෝකෙන්ම හිඟනම ජාතිය සිංහල වෙන තාක්කල් ඒ ශාපය කාටවත් වළක්වන්න බැහැ. කෝ එදා ඔය දැන් ලෝකෙන්ම හිඟන මහත්තුරු කොහෙද හිටියේ? මට නම් හරිම සතුටුයි, ලෝකෙට ලොක්කෝ කියලා හිතාගෙන ඉන්න සිංහල මහත්තුරු ලෝකෙන් හිඟාකනකොට. තමන්ගේ ජාතියේ ශාපයෙන් නුඹලාට ගොඩ ඒමක් නැහැ.. මහත්තයෝ..!!!
රනිල් මහත්තයෝ, මේ රටම එකපාර විකුණන්න... මට නම් මේක දැන් කවුරු පාලනය කළත් කමක් නැහැ. නිදහසේ ඉන්න ඕනේ... අපිට ඉන්න කියලා. මෙහෙම දෙයක් නම් වැඩක් නැහැ. අපි මේ අසුචි වලේ ඉන්න පණුවෝ වගේ... අපේ කිය කිය රකිනවා. මේක විකුණලා ඕන කෙනෙකුට පාලනය කරන් ඉන්න පුළුවන් මාර්ගයක් බලන්න දැන්...
කමක් නෑ ඕගොල්ලො කාලා ඇඳලා ජීවත් වෙන්නකෝ.... අපි මොන හරි කරගන්නම්....