IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකාවේ ඩොලර් ගෙවල් විකිණීම තවත් පුලුල් කරයි

(අංජුල මහික වීරරත්න)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් ඇරඹූ බව අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් සිටින රටවල් ආශ්‍රිතව වැඩි වශයෙන් සිටින රටවල පැවැත්වෙන නිදහස් උත්සව සහ සමුළු සදහා මෙම ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදීමට කටයුතු කරමින් සිටින බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

එහි පළමු පියවර ලෙස නිදහස් දිනයට සමගාමීව ඩුබායි හි පැවැත්වෙන ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයේ දී  මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට සමගාමීව ඩුබායි ශ්‍රී ලංකා දින සැමරුම  පෙබරවාරි 11 වනදා ඩුබායි හී සබ්බ්‍රීල් හිදී පැවැත්වෙන අතර ඊට ඩුබායි සහ මැදපෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000 කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 කට වැඩි ආදායමක් උපයාගෙන තිබේ. එලෙස උපයාගෙන ඇති මුදල ඩොලර් 502,170.93 කි. එය මෙරට මුදලින් රුපියල් මිලියන 181.2 කි. පසුගිය වසරේ ඩොලර් වලින් නිවාස අලෙවි කොට ලබා ගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05 කි. 

නාගරික සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.uda.gov.lk පිවිසීමෙන් මේ සම්බන්ධ වැඩි විස්තර හා අවශ්‍ය අයඳුම් පත්‍ර ලබාගැනීමට හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි



අදහස් (0)

ලංකාවේ ඩොලර් ගෙවල් විකිණීම තවත් පුලුල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site