(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කසකස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා කටයුතු දියුණු කිරීම සඳහා දෙරටේ ගගන නාවික අධිකාරීන් අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස 2015-5-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණද එකී ගුවන් සේවා ගිවිසුම මේ දක්වා අත්සන් කිරීමට හැකිවී නැතැයි රජය කියයි.
යෝජිත ගුවන් සේවා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ ස්ථානයක සිට කසකස්ථානයේ ඇස්ටානා හෝ අල්මැටි දක්වා නිශ්චිත ගමන් මාර්ග ඔස්සේ සතියකට ගමන් වාර හතක් ගුවන් සේවා මෙහෙයවීමට අපේක්ෂා කරන බව රජය පවසයි.
ඒ අනුව දෙපාර්ශවය විසින් එකඟතාවයට පැමිණ ඇති ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව - කසකස්ථානය ගුවන් සේවා ගිවිසුමක