
(එච්. චන්දන)
2023 වර්ෂය සඳහා ඉතාලියේ නාපොලි කම්පානියා පළාතේ නැගී එන කෘෂි ව්‍යවසායකයා ලෙස ග්‍රින් ඔස්කාර් සම්මානය ශ්‍රි ලාංකිකයෙකු හිමි වී ඇත.
මීට වසර 13 පමණ පෙර ඉතාලියට පැමිණි අවුරුදු 37ක් වන තරුණයකු වූ මීගමුවේ ගයාන් වික්‍රමසිංහ මහතා විසින් මෙම සම්මානය හිමි කර ගත්තේය.
නාපෝලියන් නගරයේ දී වයස අවුරුදු 24 පුංචි ව්‍යාපාරයක් පටන් ගත් ගයාන් මහතා ශ්‍රී ලංකාවේ සිට ආනයනය කරන එළවළු ක්‍රමවත් ලෙස ඉතාලියට ගෙන්වා ගැනීමට අපහසු තාවය මත ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් හට අවශ්‍ය එළවළු ඉතාලිය තුලම වගා කිරීමේ ඇති හැකියාව සොයා බලා තිබේ.
එයට සාර්ථක පිළිතුරු සෙවු ඒ මහතා නාපෝලි නගරයට ආසන්නයේ සොරෙන්කෝ ප්‍රදේශයේ අතහැර දමා තිබු අක්කර 17 ක් හදුනාගෙන වල් වැදී තිබු එම් ස්ථානයේ ශ්‍රී ලාංකික එළවළු වගා කිරීම ආරම්භ කර ඇත. මෙම ඉඩමේ කෙලවරේ ගලා යන කුඩා දිය පහරකින් ශ්‍රී ලාංකික ඉපැරණි වාරි තාක්ෂණය ක්‍රම යොදා ගෙන ජලය ලබා ගෙන පලා වර්ග හා අනෙක් එළවළු ක්‍රමවත් ලෙස වගා කිරීම සිදු කර තිබේ.
ගයාන් වික්‍රමසිංහ මහතාගේ මෙම සියළු වික්‍රමයන් නිරීක්ෂණය කල ඉතාලියේ ප්‍රසිද්ධ කෘෂිකාර්මික සංවිධනයක් වු COLDIRETTI ආයතනය වසරේ නැගී එන හොදම කෘෂි ව්‍යවසායකයට පිදෙන ඔස්කාර් ග්‍රීන් සම්මානයෙන් පිදුම් ලැබුවාය.

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ එළවළු ඉතාලියේ වවා ග්‍රීන් ඔස්කාර් සම්මානය දින ගනී
සුජිත් පල්ලේවත්ත Wednesday, 12 July 2023 09:47 AM
ආඩම්බරයි... සුබ පැතුම්... ඒකට ලංකාවේ ඉන්න ගොවියෝ.. යූරියා පොහොර නැතුවම බැහැ කිව්වා.
Hemantha Wednesday, 12 July 2023 10:08 AM
හොඳ වැඩක්. සතුටුයි. ඒත් මේ බටු ගස් දෙක විතරද තියෙන්නේ.., අපිටත් බලන්න, එළවලු වගාවේ පින්තූර ටික දාන්න.
KumariThursday, 13 July 2023 04:00 AM
ඇයි මෙච්චර කුහක...? මෙතන ගස් 2 ද තියෙන්නේ? මනුස්සයෙක් ලස්සන යමක් කළාම ඇදමනේ දකින්නේ...!
Bunny Preena Wednesday, 12 July 2023 10:43 AM
සුභ පැතුම් .හිත ඇත්නම් පත කුඩාද කිවුවලු
sam Wednesday, 12 July 2023 12:53 PM
ලංකාවේ මේ වගේ දෙයක් කළා නම් අනිවාර්යයෙන්ම ලොක්කෝ කොමිස් ඉල්ලනවා. ඒකනේ ලංකාව තවමත් එකම තැන පල්වෙන්නේ.. ගඳ ගගහ තියෙන්නේ..ප්‍රධානම හේතුව තමයි වැරැදි දේශපාලකයෝ පාර්ලිමේන්තු යවපු එක...
පැරකුම්Thursday, 13 July 2023 02:14 AM
ඉතින් වැරැද්ද අපේ නේද?
Nihal Wednesday, 12 July 2023 05:29 PM
ආසියා ජාතිකයින්ගෙන් විශාල ඉල්ලුමක් තිබෙන නිසා කරවිල වැඩිපුර වගාකරන්න...
Chitra wickramaratna Thursday, 13 July 2023 04:30 AM
හොඳ වැඩක්... ඉදිරියටම යමු...!