
(එච්. චන්දන)
2023 වර්ෂය සඳහා ඉතාලියේ නාපොලි කම්පානියා පළාතේ නැගී එන කෘෂි ව්‍යවසායකයා ලෙස ග්‍රින් ඔස්කාර් සම්මානය ශ්‍රි ලාංකිකයෙකු හිමි වී ඇත.
මීට වසර 13 පමණ පෙර ඉතාලියට පැමිණි අවුරුදු 37ක් වන තරුණයකු වූ මීගමුවේ ගයාන් වික්‍රමසිංහ මහතා විසින් මෙම සම්මානය හිමි කර ගත්තේය.
නාපෝලියන් නගරයේ දී වයස අවුරුදු 24 පුංචි ව්‍යාපාරයක් පටන් ගත් ගයාන් මහතා ශ්‍රී ලංකාවේ සිට ආනයනය කරන එළවළු ක්‍රමවත් ලෙස ඉතාලියට ගෙන්වා ගැනීමට අපහසු තාවය මත ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් හට අවශ්‍ය එළවළු ඉතාලිය තුලම වගා කිරීමේ ඇති හැකියාව සොයා බලා තිබේ.
එයට සාර්ථක පිළිතුරු සෙවු ඒ මහතා නාපෝලි නගරයට ආසන්නයේ සොරෙන්කෝ ප්‍රදේශයේ අතහැර දමා තිබු අක්කර 17 ක් හදුනාගෙන වල් වැදී තිබු එම් ස්ථානයේ ශ්‍රී ලාංකික එළවළු වගා කිරීම ආරම්භ කර ඇත. මෙම ඉඩමේ කෙලවරේ ගලා යන කුඩා දිය පහරකින් ශ්‍රී ලාංකික ඉපැරණි වාරි තාක්ෂණය ක්‍රම යොදා ගෙන ජලය ලබා ගෙන පලා වර්ග හා අනෙක් එළවළු ක්‍රමවත් ලෙස වගා කිරීම සිදු කර තිබේ.
ගයාන් වික්‍රමසිංහ මහතාගේ මෙම සියළු වික්‍රමයන් නිරීක්ෂණය කල ඉතාලියේ ප්‍රසිද්ධ කෘෂිකාර්මික සංවිධනයක් වු COLDIRETTI ආයතනය වසරේ නැගී එන හොදම කෘෂි ව්‍යවසායකයට පිදෙන ඔස්කාර් ග්‍රීන් සම්මානයෙන් පිදුම් ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි... සුබ පැතුම්... ඒකට ලංකාවේ ඉන්න ගොවියෝ.. යූරියා පොහොර නැතුවම බැහැ කිව්වා.
හොඳ වැඩක්. සතුටුයි. ඒත් මේ බටු ගස් දෙක විතරද තියෙන්නේ.., අපිටත් බලන්න, එළවලු වගාවේ පින්තූර ටික දාන්න.
සුභ පැතුම් .හිත ඇත්නම් පත කුඩාද කිවුවලු
ලංකාවේ මේ වගේ දෙයක් කළා නම් අනිවාර්යයෙන්ම ලොක්කෝ කොමිස් ඉල්ලනවා. ඒකනේ ලංකාව තවමත් එකම තැන පල්වෙන්නේ.. ගඳ ගගහ තියෙන්නේ..ප්‍රධානම හේතුව තමයි වැරැදි දේශපාලකයෝ පාර්ලිමේන්තු යවපු එක...
ආසියා ජාතිකයින්ගෙන් විශාල ඉල්ලුමක් තිබෙන නිසා කරවිල වැඩිපුර වගාකරන්න...
හොඳ වැඩක්... ඉදිරියටම යමු...!