ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ නීතිය මේ වනවිට දැඩි අස්ථාවරතත්වයට පත්වී ඇතැයි පවසමින් විරෝධතාවයක් අද (11) ලිබර්ටි වටරවුමේ දී පැවැත්විණි.
"ලක්බිමේ දියණියෝ" කාන්තා සංවිධානයක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කෙරිණි.
ඡායාරූප - ශාන්ත රත්නායක


ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ නීතිය මේ වනවිට දැඩි අස්ථාවරතත්වයට පත්වී ඇතැයි පවසමින් විරෝධතාවයක් අද (11) ලිබර්ටි වටරවුමේ දී පැවැත්විණි.
"ලක්බිමේ දියණියෝ" කාන්තා සංවිධානයක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කෙරිණි.
ඡායාරූප - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සිදුවී ඇති අභාග්‍ය සම්පන්න සිදුවීම් වැල නිසා ඡන්ද දායකයින්, විශේෂයෙන් තරුණ පිරිස් අතර, නව උද්යෝගයක් ඇතිවෙමින් පවතින බව පෙනෙන්නට අත. මෙය ප්‍රජාතන්ත්‍ර වාදයේ හොඳ පැතිකඩක් පෙන්නුම් කරන ප්‍රවණතාවයකි. මෙවර මැතිවරණයේදී මේ පිරිස වැදගත් භූමිකාවක් බවට පත්වෙනු නියතය. පසුගිය පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ගැන සිතා "පොල්ලෙල්ලක් ඉදිරිපත් කළත් දිනන්න පුළුවන්" යැයි කවුරුන් හෝ අද සිතනවා නම් එය විශාල මුලාවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම ඉතාම අභාග්‍ය සම්පන්න සිදුවීමකි. මෙය දූෂිත චෝදනා ලබා සිටින එක් කණ්ඩායමක් බලයට පත්කරවීම ඒකායන අරමුණ කරගෙන දියත් වී ඇති දේශපාලනයක් මිස රටගැන හෝ ජනතාව ගැන හෝ සිතා නිර්මාණය වුවක් නොවේ. නිදහස් පක්ෂයේ සාමාජිකයින් 50ක පමණ දැනට පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන ඇත. නමුත් දුමින්ද, අමරවීර, විජිතමුණි සොයිසා සහ අමුණුගම වැන්නවුන් පක්ෂය අත නොහරින බව කියති. මැතිවරණයේදී ජනාධිපති පොහොට්ටුවේ පිළිසරණ බලාපොරොත්තු වුවහොත් අද තමන් අනාත වූ අයුරින්ම ඔහුටද අනාත වීමට සිදුවන බවත්, එය වටහා නොගැනීම හේතුවෙන් රටේ ප්‍රගතිශීලී ජනතාවට තිබූ එකම පක්ෂය දිනෙන් දින මියයමින් තිබෙන බවත් ඔවුහු අවධාරණය කරති.
ඡන්ද නොතබා ප්‍රාදේශීය සභා අවුරුදු ගණන් තිබුණ, පළාත්සභා වලට තවම ඡන්ද නැහැ. මේ උන්දැලා කොහෙද ඒ කාලේ හිටියේ. දැන් මහා ඡන්දයක් ප්‍රකාශ කළාම තමා මෙයාලට මතක්වෙලා තියෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. මේ ඩොලර්වලට කඩේ යන ටිකක්..
මේ ගැහැණු දියණියෝද? පිරිමි දියණියෝද?
මාර දියණියෝ ටිකක්නේ ඉන්නේ... අරහේ එදා වේල හොයාගන්න බැරුව, ස්වයං රැකියාවක් කරගන්න සල්ලි ටිකක් හොයාගන්න බැරුව කාන්තාවන් දුක් විඳිනවා. මෙහෙ වැඩක් නැති දෙයක් අල්ලාගෙන විලාප තියනවා.
අද සිදුවී ඇති අභාග්‍ය සම්පන්න සිදුවීම් වැල නිසා ඡන්ද දායකයින්, විශේෂයෙන් තරුණ පිරිස් අතර, නව උද්යෝගයක් ඇතිවෙමින් පවතින බව පෙනෙන්නට අත. මෙය ප්‍රජාතන්ත්‍ර වාදයේ හොඳ පැතිකඩක් පෙන්න්නුම් කරන ප්‍රවණතාවයකි. මෙවර මැතිවරණයේදී මේ පිරිස වැදගත් භූමිකාවක් බවට පත්වෙනු නියතය. පසුගිය පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ගැන සිතා "පොල්ලෙල්ලක් ඉදිරිපත් කලත් දිනන්න පුළුවන්" යැයි කවුරුන් හෝ අද සිතනවානම් එය විශාල මුලාවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම ඉතාම අභාග්‍ය සම්පන්න සිදුවීමකි. මෙය දුෂිත චෝදනා ලබා සිටින එක් කණ්ඩායමක් බලයට පත්කරවීම ඒකායන අරමුණ කරගෙන දියත්වී ඇති දේශපාලනයක් මිස රටගැන හෝ ජනතාව ගැනහෝ සිතා නිර්මාණය වුවක් නොවේ. නිදහස් පක්ෂයේ සාමාජිකයින් 50 ක පමණ දැනට පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන ඇත. නමුත් දුමින්ද, අමරවීර, විජිතමුණි සොයිසා සහ අමුණුගම වැන්නවුන් පක්ෂය අත නොහරින බව කියති. මැතිවරණයේදී ජනාධිපති පොහොට්ටුවේ පිළිසරණ බලාපොරොත්තු වුවහොත් අද තමන් අනාත වූ අයුරින්ම ඔහුටද අනාත වීමට සිදුවන බවත්,එය වටහා නොගැනීම හේතුවෙන් රටේ ප්‍රගතිශීලී ජනතාවට තිබූ එකම පක්ෂය දිනෙන් දින මියයමින් තිබෙන බවත් ඔවුහු අවධාරණය කරති.
කොටි බෝම්බ සහ අමු අමුවේ කැපීම කෙටවීම්වලින් මායිම් ගම්මානවල ලක් දියණියන්ට වුණු අපරාධවලදී ඔබ කොහෙද හිටියේ...?
මේ කොහේ ඉඳන් ආපු අයද ?
දරාගන්න බැරි තරමට බදු ගහනකොට මේ ලක්බිමේ දියණියෝ නිදිද. මහපාර අවහිර කොරන්නේ නැතිව ජනවාරි 5 වෙනිදා ඡන්දය දීල කැමති ආණ්ඩුවක් පිහිටුවා ගන්න.
අම්මෝ දියණියෝ ගොඩයි .....
කවුද මේ අය ?
උදාරයි ඔබගේ හඬ මෙසේ අවදි කරපු විදිය. රටට කලදසාව ගැන විවේචනය කිරීම ඔබටත් අයිතියක් ඇත.
මේ දියණියෝ රටේ ගොඩාක් ප්‍රශ්න තිබුන කාලේ , යුද්දේ තිබුන කාලේ, මහබැංකු හොරකම වුන වෙලාවේ, රටේ තියෙන ජාතික සම්පත් විදේශ රටවල් වලට විකුනපු වෙලාවේ, ඡන්දෙ කල් දාන අවස්ථාවේ හිටියේ නැද්ද?
දියණියෝ ලක්බිමේ වුනාට කතා කරන්නේ පිටරටට බව අල්ලන බෝර්ඩ්වල තියෙන භාෂාවෙන් පේනවා.
ඉන්න ප්‍රමාණයෙන් කිසිවක් මනින්න එපා. කියන පණිවිඩය හෝ අදහස ගැන විවේචනය කරන්න. තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙනවනම් ඒ හොදටෝම ඇති.
නිමල් - ඇස් පරික්ෂා කර ගන්න. සිංහල පුවරු තියෙනවා නමුත් ඔබ දාලා තියන කණ්නාඩිය නිසා හරියට පේන්නේ නැහැ වගේ. කණ්නාඩිය ගලවලා දාන්න. අනික සිංහල කියවන්න බැරි ශ්‍රී ලාංකික මිනිසුන් නැත්ද?
කාගේ හරි සල්ලි වලට පිස්සු කෙලින්න කොළඹ එනවා. ඡන්දයක් තියන එක කොහොමද වැරදි වෙන්නේ? ජනතාව හරි දේ කරාවි.
මෙතන මැදමුලනෙන් සෙට් එකක් ඇවිත් කලානම් ඔය ප්‍රතිචාරය වෙනස්...
ඔතන ඉන්න අය කව්ද කියලා දන්නවද? අර කෑ ගහන එක මහත්මියක් පක්ෂයක නායකයෙක් ඕනේ කියලා ලතෝනි දුන්නු කෙනෙක්...
අපි නොදන්න ප්‍රජාතන්තරේ..?
ලක්බිමේ දියණියෝද? නැතිනම් ඉන්දියාවේ දියණියෝද? ඉන්දියන් ඇඳුම් ඇඳගෙන බෙරිහන් දෙන්නේ...
විමල් වීරවංශලා, බැසිල් රාජපක්ෂලා ඉන්න කම් හැමෝම පාරට තමයි වැටෙන්නේ හැමදාම...
ඡන්ද කල් දාන කොට මේ දියණියෝ නිදි ද?
අපි මහින්ද මහත්තයට කැමැති ජාතිකවාදී නිසා. හාමුදුරුවෝත් එකතු කරගෙන ගමනක් යන නිසා.. මහජාතියේ ආරක්ෂාව ගැන හිතන නිසා...