


(ඩි.ජී.සුගතපාල)
මෙයට වසර නමයකට පෙර ගින්නෙන් විනාශ වූ ලංකාවේ පළමුවන සිංහල පුවත්පත මුද්‍රණය කරන ලද ලංකෝපකාර මුද්‍රණාලය තායිලන්ත රජයේ වියදමින් ප්‍රතිසංස්කරණය කර ප්‍රදර්ශන කුටියක තැන්පත් කිරිම අහංගම කතලුව රන්වැල්ල විහාරස්ථානයේ දී තායිලන්ත තානාපතිනි චූලමනි චට්සුආන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28) සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ මුද්‍රණය කරන ලද පළමුවන සිංහල පුවත්පත වන්නේ “ලංකා ලෝකය‘පුවත් පතයි. එය මුද්‍රණය කරන ලද ලංකෝපකාර මුද්‍රණාලය තිබූ අහංගම කතලුව රන්වැල්ල විහාරස්ථානයේ 2012 නොවැම්බර් 19 වැනි දා රාත්‍රි ඇති වූ හදිසි ගින්නකින් විහාරස්ථානයට මෙන්ම මුද්‍රණාලයට ද බරපතල හානි සිදුවිය. ගින්නෙන් මුද්‍රණාලයේ තිබු ලි අකුරු සියල්ලද විනාශ විය.
මේ වනවිට වසර 150 කට වඩා පැරණි ලංකාවේ පළමු සිංහල පුවත්පත වන ලංකා ලෝකය මුද්‍රණය කර ඇති මෙම ලංකෝපකාර මුද්‍රණාලය තායිලන්තයේ චූලාලංකාර රජු විසින් 1861දි පරිත්‍යාග කර ඇත. එය ගින්නෙන් විනාශ වුයේ 2012 නොවැම්බර් 19 වැනිදා රාත්‍රියේය. එහෙත් වසර නමයක් ගතව ඇතත් එය ප්‍රතිසංස්කරණය කිරිමට කිසිම රජයක් පියවර ගෙන නොතිබිණි.
මේ අතර වත්මන් විහාරාධිපති මාරකොල්ලියේ විමලජෝති හිමි තායිලන්ත තානාපතිවරයා හමුවී මුද්‍රණ යන්ත්‍රයට ඇතිවූ තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරිමෙන් පසු මෙය ප්‍රතිසංස්කරණය කිරිමට තායිලන්ත රජය ඉදිරිපත්වි ඇත.
ඒ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියෝ මෙසේ පැවසුහ.“ කිසිම රජයක් මේකට උදව් කලේ නැහැ.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ඇවිල්ල බලල ගියා විතරයි. පස්සේ දායක සභාවේ කෙනෙකුගේ මැදිහත්විම මත තායිලන්ත තානාපතිතුමිය හමුවි විස්තර කිව්වා.තානාපතිතුමිය කම්පාවට පත්උනා.ඔබේ රජය සැළකිල්ල දැක්වුයේ නැත්තේ ඇයි කියල ඇහුවා.
මේ කෞතුක භාණ්ඩය ප්‍රතිසංස්කරණය කරල ආරක්ෂා කිරිමට තායිලන්තයේ ආධාර ලැබුනා.දැන් තායිලන්තයේ වියදමින් ඉංජිනේරු සංස්ථාව විසින් ප්‍රතිසංස්කරණය කළා.අපි එය විශේෂයෙන් පාසල් සිසුන්ටත් මහජනයාටත් නැරඹිමට හැකි ආකාරයට ප්‍රදර්ශන කුටියක තැන්පත් කරනවා. ඒ වගේම වැලි පිල්ලේ සිට නවින තාක්ෂණය දක්වා අකුරු පිළිබඳවත් ප්‍රදර්ශන කුටියේ තැන්පත් කිරිමට බලාපොරොත්තු වෙනවා.“
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සිමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් ලංකාවට වැඩක් නැහැ. ඒ ගැන කම්පා වෙන්න අවශ්‍යත් නැහැ. නමුත් අපේ රටේ කිසිම රජයක් ඔය අගනා වස්තුව ආරක්ෂා කිරීමට මැදිහත් නොවූ බව ලියා තබන්නම අවශ්‍යයි. ඕක කුඩු මුලක් වුණා නම් හෝ දියමන්තියක් වුණා නම් එහෙමත් නැතිනම් ඔහේ තැන්තැන් වල මැණික් වගේ වටිනා මොනවා හරි තියෙන බව කිව්වා නම් අයිතිකාරයන් ගොඩාක් ඒවි. කම්පා වෙන්න එපා.
නිතර දෙවේලේ ජාතිය, ආගම ගැන බෙරිහන් දෙන, බොහෝ දේශපාලකයින්ගේ හා මෙතෙක් පැවති රජයන්ගේත්, සැබෑ නිරුවත පෙනුණු අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකියි. මෙවන් ජාති හිතැති භික්ෂූන් වහන්සේලා දැකීමත්, සතුටට කරුණකි. උන්වහන්සේ ප්‍රමුඛ මේ සඳහා කැපවූ සැමටත්, තායිලන්ත රජය හා තානාපතිතුමියටත් මේ කළ සත්ක්‍රියාවට අනේක වාරයක් ස්තුතිවේවා..!!! මෙවන් දෙයක් හෝ රැකගැනීමට කිසිදු වුවමනාවක් නොමැති දේශපාලකයින් හා රජයන් ගැන විශ්වාසය තබා ඔවුන් වන්දනාමාන කරමින්, ඔවුන්ගේ කීකරු සුවච හෙන්චයියන් ලෙස ඇස් වසාගෙන කටයුතු කරනා මිනිසුනේ.. නුඹලාගේ දෙනෙත් හැර බැලීමට හා නින්දෙන් අවදිවීමට කාලය පැමිණ ඇතිබව දැනගැනීම වැදගත්ය. අහෝ..!!! පුරාවිද්‍යා උගතුනේ.. බලවතුනේ.. ඔබලා සිටිනා තැන ගැනද..? ලැජ්ජාවෙන් වුවද සිතාබැලීම වැදගත්ය...