(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස වැඩි වශයෙන් බඳවාගැනීමට කටයුතු කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජපානයේ අයි.ආර්.ඕ. ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි මහතාගෙන් ඉල්ලීමක් කළේය.
ජපානයේ තාක්ෂණික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතනයක් වන අයි.ආර්.ඕ. ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් අද (21) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී එම ඉල්ලීම කළේය.
එහිදී නියෝජිත පිරිස යහපත් ප්‍රතිචාර දැක්වු අතර, ශ්‍රී ලාංකිකයින්ගේ තාක්ෂණික හැකියාව සහ වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහළින් අගය කරන බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියාවට යොමුකිරීම සඳහා 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජපානයේ අයි.ආර්.ඕ. ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි, එහි සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා යන මහත්වරු සහ අයි.ආර්.ඕ. වැඩසටහන යටතේ ජපානය බලා යාමට සූදානම්ව සිටින රැකියාලාභීන් පිරිසක්ද එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ රැකියාවක් කිරිම සිහිනයක් වගේ. හැමකෙනාටම මෙයින් අවස්ථාවක් ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මෙවැනි අවස්ථාවක් දැඩි දුෂ්කරතා මත ජීවත්වන ලංකාවේ වැසියන්ට ලැබෙනවා නමි අති විශිෂ්ඨයි...!
කට්ටිය එවන්නද කියලා ඇහුවට කෝ පුහුණුව? රට වැටිලා ආණ්ඩුව අතට අරන් සෑහෙන කාලයක්. වෙල්ඩින් කරුවන්, ලේත් මැෂින් ක්‍රියාකරුවන් වැනි ජපානයේ වැඩි වැටුප් ලැබෙන රැකියාවලට අයන්නේ ඉඳන් පුහුණු කරන්න කල් තිබුණා. උඩ බලන් ඉඳලා දැන් රස්සා ඉල්ලනවා.