(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
පාන්පිටි කිලෝවක මිල රුපියල් 15 කින් ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 14 කින් ද, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 11 කින් ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 10 කින් ද, කඩල කිලෝවක මිල රුපියල් 5 කින් ද, දේශීය සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 4 කින් ද, අඩු කළ බවත් ඒ අනුව පාන්පිටි කිලෝවක මිල රුපියල් 210 ක් ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 115 ක් ද, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 314 ක් ද, සුදු සීනි කිලෝවක් රුපියල් 229 ක් ද, කඩල කිලෝවක් රුපියල් 545 ක් ද, දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 175 ක් ද, දක්වා මිල පහත දැමූ බව සතොස වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නා කෙසේකීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසනු... මම අද ඔය කියන තැනකට ගියා සමහරක් රාක්ක හිස්. ඇත්තටම මොකටද මෙහෙම බොරු කියන්නේ කියලා අහන්න කැමතියි. බඩගිනි වුණත් ඉඳුල් කන්න එපා කියලා අපි කුඩාකාලයේ අහලා තියෙනවා. දැන් නම් ඒවා කියාදෙන්නේම නැහැ ඇත්තටම පීඑච්අයි මහත්වරු හා පාරිභෝගික අධිකාරියේ මහත්වරු මේ ආයතන බලන්නේ නැද්ද?