(යොහාන් භාසුර)
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය පාර්ලිමේන්තු පිවිසුම අසළ පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගි වූ ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පසු පස පොලිසිය හඹායෑම තරගයේ හෙලාදකින බවත් වාහාම එම ක්‍රියාවලිය නතර කරන ලෙසත් එම සංගමයේ නියෝජ්‍ය සභාපති රියෙන්සි විජේමාන්න මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම උද්ඝෝෂණයට සහභාගි වූ වෘත්තීය සමිති නායකයන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කළ යුතු බව කියන රියෙන්සි විජේමාන්න මහතා චතුර සමරසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටියේ පිහිටි ලංකා වතු සේවා සංගමයේ මූලස්ථානයට, ඔහුගේ සේවා ස්ථානයට සහ ඔහුගේ නිවස ඇතුඵ ස්ථානවලට ගොස් ඇති බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලා කොහෙද මේ. මහත්තයා අපිත් උඩරට දැන්