
(අංජුල මහික වීරරත්න)
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය (FSI) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ සහ පිලිපීනයේ විදේශ සේවා නිලධාරීන් අතර රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ අධ්‍යයන, පර්යේෂණ හා පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ විශේෂඥතාවයන් හුවමාරු කර ගැනීම ආදිය සඳහා පහසුකම් සැලසෙන පරිදි ශ්‍රී ලංකාවේ බණ්ඩාර නායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. එකී ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා - පිලිපීන මිතුරු ගිවිසුමක්