IMG-LOGO

ලංකා ටෝලිටයිල්ස් සමූහය රැකියා කිරීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස GPTW සම්මානය දිනාගනී.

ලංකා වෝල් ටයිල්ස් සමූහය රැකියා කිරීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස great palce to work සම්මානය දිනාගෙන  තිබේ. ලංකා වෝල් ටයිල්ස් පීඑල්සී, ලංකා ටයිල්ස් පීඑල්සී, ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී සහ ස්විස්ටෙක් ඇලුමිනියම් ලිමිටඩ් යන සමාගම් 4 සඳහාම ලංකා වෝල් ටයිල්ස් සමූහය මෙම සම්මානය දිනා ඇත.

ලංකා වෝල් ටයිල්ස් පීඑල්සී සහ ලංකා ටයිල්ස් පීඑල්සී වසර තිස් පහකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෝල් ටයිල් සහ ෆ්ලෝ ටයිල් නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් ලෙස වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් වී ඇත. ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී සහ ස්විස්ටෙක් ඇලුමිනියම් ලිමිටඩ් දශකයකට වැඩි කාලයක් මෙම ව්‍යාපාර සමූහයේ ප්‍රමුඛතම කොටස්කරුවන් වී ඇති අතර ඔවුන් තමන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රවල ප්‍රධානතම තරගකරුවෙකු ලෙස ස්ථාපිත වී ඇත.

මෙම  සම්මානය සම්බන්ධයෙන් ලංකා වෝල් ටයිල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා මෙසේ පැවසීය. “ලංකා වෝල් ටයිල්ස් සමූහය රැකියා කිරීමට විශිෂ්ට ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක්වීම ගැන අපි අතිශයින්ම සතුටට පත්වුණා. ලංකා වෝල් ටයිල්ස් දශක තුනකට අධික කාලයක් තිස්සේ කිසිවෙකුට සම කල නොහැකි ගුණාත්මක සහ ස්ථාවර නිෂ්පාදන පෙළක් සමඟ අඛණ්ඩව මහජනතාවට සේවය සලසයි. අප සමාගමේ දිගුකාලීන සාර්ථකත්වයට මුලුමනින්ම දායක වී ඇත්තේ අපගේ ශ්‍රම බලකාය සහ අපගේ සේවකයින්ට සලකන ආකාරය සහ අප සමාගමක් ලෙස වැඩ කරන ආකාරය පිළිබඳ අපගේ දැක්මයි.

-සටහන- චමින්ද මුණසිංහ

 



අදහස් (0)

ලංකා ටෝලිටයිල්ස් සමූහය රැකියා කිරීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස GPTW සම්මානය දිනාගනී.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 515 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 944 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site