(අංජුල මහික වීරරත්න)
බත්තරමුල්ල ශ‍්‍රී ලංකා - ජපන් මිත‍්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු අද (28) ඇරැඹිණි.
ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ ප‍්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ අධීක්‍ෂණයෙන් මෙම මාර්ගය ඉදි කෙරෙයි.
කිලෝමීටර් දෙකක දිගකින් යුත් මෙම මාර්ගය කාපට් යොදා සංවර්ධනය කරනු ලබන අතර වැය වන මුදල රුපියල් මිලියන 203 කි. ශ‍්‍රී ලංකා රජයේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ඉදිරි මාස හය ඇතුළත නිම කිරීමට අපේක්‍ෂිතය. ඒ අනුව 2026 පෙබරවාරි මස 9 වැනිදාට පෙර සියලූ ප‍්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇත.
ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැඩ ඇරැඹීම සිදු කෙරිණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලංකා - ජපන් මිත‍්‍රත්ව පාරේ වැඩ ඇරැඹේ
UKRAN Thursday, 28 August 2025 05:27 PM
ඇයි ඉස්සෙල්ලා පාරෙ ගල් අල්ලලාද තිබුණේ...? මේ වගේ ගොන් හරක්
AsankaThursday, 28 August 2025 06:08 PM
ඔබ කියන්නේ ඉන්ටර් ලොක්... කොහේද?
Chandana F Thursday, 28 August 2025 05:51 PM
දැන් අය දේශපාලකයන් මුල් වූ උත්සව තිබ්බේ නැද්ද?