IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලක් ගොවිතැනට චීන මුදලාලිලාගේ උදව්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාලම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළ කර තිබේ.

මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතව සිටින චීන කුඩා හා මධ්‍යම පරිමාණ වානිජ සංගමයේ ( China Association of small and medium Scale commercial Enterprises)  නියෝජිත පිරිස  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙම සහයෝගය පළ කර තිබේ.

 ශ්‍රී ලංකාවේ වගා කරන අන්නාසි, කෙසෙල් ඇතුළු පලතුරු හා එළවළු වගාවට සහ ශ්‍රී ලංකාවේ තේ වගාව නංවාලීමට තාක්ෂණික සහයෝගය ලබා දීම  මෙන්ම එම නිෂ්පාදන චීනයට අපනයනය කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට  සූදානම් බව එම සංගමය ප්‍රකාශ කළේය.

 එපමණක් නොව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන කවර යෝජනාවක් වුවද ක්‍රියාත්මක කිරීම සඳහා තම සංගමය සූදානම්ව සිටින බවද ඔවුහු පැවසූහ.



අදහස් (2)

ලක් ගොවිතැනට චීන මුදලාලිලාගේ උදව්

අරවින්ද මොනරවිල Monday, 29 April 2024 10:57 AM

රටේ තියෙන මොනවා හරි චීනට දීලා කීයක් හරි සාක්කුවට දාගන්න තුරු මූට නින්ද යන්නේ නැහැ. එක සැරයක් රිලව් ටික විකුණන්න හැදුවා, දැන් මේ කෘෂිකර්මය නංවන්න කියලා රටේ බීජවල අයිතිය හො කෘෂිකාර්මික ඉඩම් හො මේ දෙකම චීනට විකුණන්නයි මේ හදන්නේ.

:       4       10

රාලහාමි Monday, 29 April 2024 04:22 PM

චීනෙන් අසූචි නැව් 5ක් ආනයනය කරන්නත් අපේ මෝඩයින්ගෙන් අත්සන් අරගෙනලු. මොනවාද? මොනවාද? කඩදාසි ගොඩක් දුන්නාලු.. ඉංග්‍රීසි වලින්ලු තිබුනේ.. ඕකේ කියලා අපේ කෙනා අත්සන් ගැහුවලු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site