
(අංජුල මහික වීරරත්න)
පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(12)සහතික විය.
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් සමග එරට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව පිලිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.
ශ්‍රී ලංකාව , පාකිස්ථානය හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ රාවල්පිණ්ඩි වෙත ගොස් සිටී.
දැනට එහි එක් තරගයක් පමණක් පවත්වා ඇති අතර තවත් තරග ගණනාවක් ඉදිරියේදි පැවැත්වීමට නියමිතය.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසුරිය මහතා සමග පෞද්ගලිකවම කතා කළ ජනාධිපතිවරයා තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට සහතික වී තිබේ.
ආරක්ෂක ලේකම් සම්පත් තුයිය්කොන්තා මහතා පාක්ස්ථානයේ ආරක්ෂක ප්‍රධානීන් සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබේ. ඔවුන් නවාතැන් ගන්නා හෝටල් වලටද ආරක්ෂක කණ්ඩායම් යොදවා ඒ බව තහවුරු කර තිබේ.
1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවස්ථාවේ මෙරට පැවති බෝම්බ බිය හේතුවෙන් ඇතැම් රටවල ක්‍රිකට් කණ්ඩායම් ලංකාවට පැමිණිම ප්‍රතික්ෂේප කරද්දි පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණ දැක්වු සහය සිහිපත් කළ ජනාධිපතිවරයා ඊට කෘත ගුණ දැක්වීමක් ලෙසද මෙම තරගාවලිය අවසන් වන තෙක් එරට රැදී සිටින ලෙස ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දී තිබේ.
එසේම තරඟයේ පැවැත්වෙන කාලය ඇතුලත ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට ගත හැකි සෑම පියවරක්ම එරට රජය සමග එක්ව ගන්නා බවටද ජනාධිපතිවරයා සහතික වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘතගුණ සලකන්න කියලා අපේ ක්‍රීඩකයෝ ජීවිතවලින් වන්දි ගෙවන්න ඕනෙද? එක පාරකුත් අපේ කණ්ඩායමට වෙඩි තිබ්බා මතක නැද්ද?
අනේ මන්ද.මෙහෙත් වසරක් තුළ වෙඩි තැබීම්නිසා 50ට වඩා මිනිස්සු මැරුණා. මෙහෙත් ඒකෙ පාලනයක් නැතිව කොහොමද පාකිස්තාන ආරක්ශාව ක්‍රීඩකයින්ට දෙන්නේ? ප්‍රායෝගික නෑ නේද? මොකද ඡන්ද කාලේදී කියපුවාත් කලේ නැ නේද? 33% විදුලි බිල අඩු කිරීම,150/ පෙට්රෝල් එහෙම මතකද?
කලින් එහෙම කෘතගුණ දක්වන්න ගිය කණ්ඩායමකට වෙඩි තියලා ක්‍රීඩකයන් කීප දෙනෙකුට තුවාලත් වුණා. ඔය ත්‍රස්තවාදීන්ට සහයෝගය දෙන රටට යන්න එපා
ප්‍රතිඥා දෙන්න නියම මිනිහා ආයේ ඉතින් කිව්වොත් කිව්වා
විහිලුවක් නේද.වසරක් තුල වෙඩිතැබීම් නිස 50ට වඩා මැරුන.තැන තැන වෙඩි තැබීම්.පාතාල ක්‍රියාකාරකම් මර්දනය කරන්න බෑ.එහෙව් මිනිස්සු ක්‍රීඩකයන්ට පාකිස්තානයේ දී ආරක්ශාව ගැන සහතික දෙනවලු.බෝම්බ බියක් මැද කොහොමද මේ ක්‍රීඩකයො මානසික ඒකාග්‍රතාවයකින් ක්‍රීඩා කරන්නෙ.ආරක්ශාව ගැන ටියුශන් දෙන්න හැදුවෙ මුලින්ම
ඔය විදියට තමයි ගොබ්බ ජනපති ප්‍රධාන මාලිමා සෙට් ඵක අපට බයවෙන්න ඵපා අපි වගකීම බාරගන්නවා කියලා කන්ටේනර් නිදහස් කලේ.අද ඵ්වාට වගකියන්න බල්ලෙක්වත් නැහැ.තමන්ගේ ජීවිතය වගේම තම දරු පවුල් වලට හානිය ගැන හිතන්න වීම මනුෂ්‍ය අයිතිවාසිකමක්. අද තියෙන්නේ මනුෂ්‍ය අයිතිවාසිකම් කඩකරන පරදේශක්කාරි ආණ්ඩුවක්.බංකු ගෙනත් ඉගෙන ගන්න කිව්වේ ආරක්ෂාව ගැන.බම්බුව තමයි
ශ්‍රී රජයත්, පකිස්තානු රජයත් ආරක්ෂාව පිලිබඳ සහතිකයක් දෙනවා නං, ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න බැහැයි කියන එකේ ප්‍රශ්නයක් තියනවා. ඒ ගොල්ලන් කරන්නේ වැරදි වැඩක්.
මේ සියලු සිදුවීම් පිටුපස ඉන්දියාව සිටින බව පෙනේ. ඔවුන් පාකිස්තානයට හෝ ශ්‍රී ලංකාවට සාමකාමීව ඉදිරියට යාමට ඉඩ නොදෙනු ඇත.
ඉන්දියානු - පකිස්තාන විරසකය නිසා ඇතිවුන කාශ්මීරයේ ත්‍රස්තවාදී පිපිරීම් සුළුකොට තකන්න එපා, සල්ලි තන්හාවට ගියාට නිමේෂයකින් අපට විශාල විනාශයක් කරන්න පුලුවන්, හොඳම විදිය නම් එන්න කැමති කට්ටිය ගෙන්න ගන්න. ඉන්න කැමති කට්ටියට ඉන්න දෙන්න.