(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයක් ඇතිවුවහොත් එයින් ගොඩ ඒම සඳහා උදව් කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය (UN FAO) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සංවිධානය සමඟ කළ සාකච්ඡාවකින් පසු එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය දැනුම් දී ඇත්තේ ඉදිරියේදී ඇති වන ආහාර අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීම සඳහා උපකාර කිරීමට කටයුතු කරන බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූයේ රටේ ජනතාවට තුන්වේල කන්නට හැකි පරිසරයක් ඇති කිරීම සඳහා තමා ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැකි හැම බිම් අඟළක්ම අවශ්‍ය දෑ වගා කිරීමට මහ ජනයා උනන්දු කරවීම සම අවශ්‍ය දෑ සැපයීම කළ යුතුය. ලෝකය පුරා සිඟා කෑමට වඩා අපිම වවන් කෑම ගෞරවාන්විත ය.
රනිල් පත්වෙලා දවස් කීයද? ජාත්‍යන්තර සංවිධාන ගණනාවකට කතාකරලා යම් උත්සාහයක් ගනිමින් ඉන්නවා. රාජපක්ෂලා උඩබලාගෙන හිටියා විතරයි...!
මේක අගමැති රනිල්නේ කියන්නේ. නමුත් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කළොත් පමණයි විශ්වාස කළහැකි. මොකද්ද අගමැති වුණු දා ඉඳන් කියනවා මිස ප්‍රායෝගික මොකුත් පේන්න නම් නැහැ. අපි දන්නවා රනිල්ගේ ඉතිහාසය, හොරු අල්ලපු හැටි, වොක්ස්වැගන් කාර්, කර්මාන්ත ශාලා, ඕවා හොඳ උදාහරණ...