IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකා අශෝක් ලේලන්ඩ් වාණිජ වාහනවලට ඔරිජිනල් ටයර් සියැට් වෙතින්

ලංකා අශෝක් ලේලන්ඩ් පී.එල්.සී. (LAL) සමාගම විසින් ලංකාවේ එකලස් කරන හෙවි-ඩියුටි ට්‍රක් රථ, ටිපර් රථ සහ සැහැල්ලු වාණිජ වාහන සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) නිෂ්පාදකයා ලෙස සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම පත්කරනු ලැබ තිබේ.

මෙම ඔරිජිනල් ටයර් සැපැයුම් ගිවිසුමට අනුව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට අයත් හෝමාගම පනාගොඩ පිහිටි වාහන එකලස් කිරීමේ අති නවීන කර්මාන්තශාලාවේ වාර්ෂිකව එකලස් කරන අශෝක් ලේලන්ඩ් වාහන 1,800ක් සඳහා ප්‍රමාණ නවයක සියැට් ටයර් සවිකරනු ඇත. මෙම වාහන අතුරින් 1,000ක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ශ්‍රී ලාංකිකයන්ගේ පළමු තේරීම බවට පත්වී තිබෙන හෙවි-ඩියුටි ට්‍රක් රථ බව සමාගම සඳහන් කරයි.

මෙම ගිවිසුම පිළිබඳව සියැට් කැලණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඩ්ලානි මහතා මෙසේ අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකාව විදේශීය විනිමය ඉතිරි කරගැනීමේ ජාතික වැඩපිළිවෙළක සිටින මේ අවස්ථාවේදී ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ඔරිජිනල් ටයර් සපයන්නා ලෙස සියැට් තෝරා පත්කර ගැනීම ඉතාමත් කාලීන දෙයක්. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ දේශීය එකලස් කිරීමේ මෙහෙයුම් කටයුතු සඳහා සහයෝගය ලබාදීමට හැකි වීම පිළිබඳව සියැට් අතිශයින්ම සතුටු වෙනවා. මෙමගින් ලංකා අශෝක් ලේලන්ඩ් විසින් සියැට් වෙත තබා තිබෙන විශ්වාසය පිළිඹිබු වෙනවා. එය දේශීය තත්ත්වයට ගැළපෙන පරිදි නිෂ්පාදනය කරන සියැට් ටයර් සතුව පවතින කල්පැවැත්ම, විශ්වසනීයත්වය සහ වටිනාකම සඳහා ලැබුණු හොඳ සහතිකයක්.”

2021 නොවැම්බර් මාසයේදී මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ඉන්දියානු සමාගම විසින් අයිඩියල් මෝටර්ස් සමාගම සමග ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ එකලස් කරන Bolero City Pick-Up වාහනවලට ඔරිජිනල් ටයර් සපයන්නා ලෙස ද සියැට් කැලණි සමාගම පත්කර ගන්නා ලදී.



අදහස් (0)

ලංකා අශෝක් ලේලන්ඩ් වාණිජ වාහනවලට ඔරිජිනල් ටයර් සියැට් වෙතින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site