(සමන් පාලිත නානායක්කාර )
බණ්ඩාරවෙල ප්රධාන බස් නැවතුම්පොළේ රාත්රී නවතා තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කිසිවෙකු විසින් පැහැර ගෙන ගොස් දියතලාව වැලිහෙලගම ප්රදේශයේ දමා ගොස් තිබියදී අද (25 ) උදෑසන හමු වූ බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.
පැහැරගෙන ගොස් ඇත්තේ වැල්ලවාය ඩිපෝවට අයත් මාතර බණ්ඩාරවෙල ධාවනය වන බස් රථයක් බව ද පොලිසිය පැවසීය.
මාතර සිට බණ්ඩාරවෙල ට පැමිණ බණ්ඩාරවෙල ප්රධාන බස් නැවතුම් පලේ සුපුරුදු ලෙස රාත්රියේ ගාල් කර මාතර දක්වා ගමන් ඇරඹීමට අද අලුයම 6.45 ට රියදුරු පැමිණ බස් රථය සෙවීමේදී බස් රථය නොමැති වූ විට ඒ බව පොලිසියට පැමිණිලි කර තිබේ.
පසුව බස් රථය දියතලාව වැලිහෙලගම ප්රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය බස් රථය සොයාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව දැන් සෑහෙන දියුණුයි. සෙල්ෆ්-ඩ්රයිවින් බසුත් තියෙනවා.
රෑ යන්න බස් නැතුව ඇති තිබ්බ බස් එකක් අරන් යන්න ඇති එක ගෙවල් කිට්ටුව පාර අයිනේ දාලා යන්න ඇති. හෝමාගමින් බස් එකක් හොරෙන් අරන් පෙම්වතියගේ ගෙදර අය එක්ක කතරගම ගිහින් ආවාට පස්සේ අහුවුනේ එක ගිහින් එනකම් පොලිසියට අල්ලගන්න බැරිවුණා. ඒ වගේම පිළියන්දල බස් ස්ටෑන්ඩ් එකේ නවත්වලා තිබ්බ බස් එකකුත් අරන් ගිහින් පෙම්වතියගේ ගෙදර ගිහින් ආවාට පස්සේ තමයි අහුවුනේ... ඔය ඔක්කොම ලංකාදිපේ ගියා පොලිසියෙ දියුණුව තමයි ඒ අයත් ඔය වගේ මග CCTV නැති පැත්තක දාලා ගියා නම් තාමත් අහුවෙන්නේ නැහැ.