IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංකාවේ තරුණයෙක් බෙහෙත් පෙති නිපදවන මැෂිමක් හදයි

(ගයාන් සූරියආරච්චි)

ලංකාවේ  ප්‍රථමවතාවට බෙහෙත් පෙති නිෂ්පාදනය කරන යන්ත්‍රයක් නව නිපැයුම්ශිල්පි කැලුම් වාදසිංහ විසින් නිර්මාණය කර තිබේ.

මෙහි ඇති සියලුම උපාංග දේශීය වශයෙන් නිර්මාණය කර ඇති අතර විදෙස් රටකින් එවැනි යන්ත්‍රයක් ආනයනය කරන්නේ නම් රුපියල් ලක්ෂ 30ක් 40ක් පමණ වැය කිරීමට සිදුවන බව වාදසිංහ පැවැසීය.

මෙම යන්ත්‍රයෙන් බටහිර ඖෂධ මෙන්ම දේශීය ඖෂධත් නිෂ්පාදනය කිරිමේ හැකියාව ති‍ෙබ්. බටහිර ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රවලට බොහෝදුරට දේශීය ඖෂධ දැමු විට යන්ත්‍රය හිරවීමේ ප්‍රවණතාවය වැඩිය. එහෙත් මෙම යන්ත්‍රයෙන් ඒ සියලු අවහිරතා මඟහැර  දේශීය ඖෂධත් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබේ.

මෙම යන්ත්‍රය නිපදවීමට රුපියල් ලක්ෂ 4 1/2ක් වැනි මුදලක් වැයවූ බව වාදසිංහ පවසයි. මෙය නිපදවීමට පෙර පර්යේෂණ රැසකට යොමු කෙරැණු අතර ඖෂධයේ හැඩය ලබාගැනීමට අත්හදා බැලීම් කීපයක් සිදුකෙරිණි. ඒ අනුව මෙය නිපදවීමට මාස 6ක පමණ කාලයක් ගතවිය.

එවැනි යන්ත්‍රයක් නැවත අලුතින් නිපදවන්නේ නම් මාස දෙකකින් නිපදවිය හැකි බව වාදසිංහ කියයි.

‘‘මෙවැනි යන්ත්‍රයක් නිෂ්පාදනය කිරිමේදී ඖෂධ පෙත්තේ හැඩය ලබාගැනීම, බර, කාලය, ප්‍රමාණය වැනි කරුණු පිළිබඳව විශේෂ  සැලකිල්ලක් දැක්විය යුතුයි.

විදේශ රටකින් ආනයනය කළ යන්ත්‍රයක් කැඩුණොත් එහි අමතර කොටස් එය ආනයනය කළ රටෙන් ගෙන්වීමට සිදුවෙනවා. එහෙත් මේ යන්ත්‍රය නිපදවුයේ ලංකාවේ උපාංගවලින්. ඕනෑ වෙලාවක අපට මෙය අලුත්වැඩියා කරගන්න පුළුවන්. මෙය සම්පුර්ණයෙන් ‘‘මෙඩි ඉන් ශ්‍රී ලංකා’’ යැයි වාදසිංහ පැවැසීය.

නව නිපැයුම් ශිල්පී කැලුම් වාදසිංහ



අදහස් (16)

ලංකාවේ තරුණයෙක් බෙහෙත් පෙති නිපදවන මැෂිමක් හදයි

Ruwan Friday, 15 October 2021 11:30 PM

මෙය විශිෂ්ටයි, ඔබට සුබ පැතුම් !!

:       0       6

SENA Friday, 15 October 2021 11:49 PM

මෙම යන්ත්‍රයෙන් බටහිර ඖෂධ මෙන්ම දේශීය ඖෂධත් නිෂ්පාදනය කිරිමේ හැකියාව ඇතත් මෙම යන්ත්‍රයෙන් වැරදි පුද්ගලයන් මිලදී ගෙන ලංකාවෙත් චීනයේ සහ වියට්නාමයේ මෙන් මත්ද්‍රව්‍ය නිපදවීමට ප්‍රබල සම්භාවිතාවක් ඇත. කෙසේවෙතත් තරුණයාට සුබ පතනවා

:       0       4

චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 16 October 2021 12:35 AM

රූපවාහිනී යන්ත්‍රවල අපි හැම දාම රෑට දකින්නෙ එලොවටත් නැති මෙලොවටත් නැති අර දැක්කොත් දවසම එපාවෙන දේශපාළුවන්ගෙ කථා. බලන්න රටට වැඩක් ඇති මොන තරම් දක්ෂ තරුණ පරපුරක් අපේ රටේ ඉන්නවද කියල. අඩුමගානෙ පාලකයන්ට බැරිනම් මේ වගේ තරුණයන්ට අත දෙන්න, මේ විද්‍යුත් ජනමාධ්‍යය වලින්වත් සතියට එක දවසක් හරි දුන්නොත් මොකද මේ වගේ රටට වැඩක් ඇති හෙල පුත්තුනගේ දස්සකම් රටට කියාපාන්න අවස්ථාවක්.

:       0       8

කිරි පුතා Saturday, 16 October 2021 01:43 AM

මෙවැනි දේශීය මොළවලින් රටට වැඩක් ගත යුතුය. මේ රටේ සම්පත්.

:       0       8

Shan Saturday, 16 October 2021 02:07 AM

දේශපාලුවන්ට නොව මේ අයට නම්බුනාම ලබාදෙන්න ඕන

:       0       6

Perera Saturday, 16 October 2021 02:22 AM

මේ වගේ ප්‍රවෘත්ති කොතෙකුත් අහලා තියෙනවද, එක එක කාලෙට එක එක අය අරක නිෂ්පාදනය කෙරුවා මේක නිෂ්පාදනය කෙරුවා කියල ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා ඊට පස්සේ ඒ අයටයි නිෂ්පාදනය කරපු ඒවාටයි වෙච්ච දෙයක් නැහැ

:       0       4

පැරකුම් Saturday, 16 October 2021 04:20 AM

අනේ පුතේ, අපේ රටේ ඕවාකරන අයට තැනක් නෑ. පුළුවන් නම් පිට රටකට ගිහින් දියුණු වෙන්න බලන්න...

:       0       9

Ajith D.L Saturday, 16 October 2021 04:29 AM

සුපිරි , එකෙන්ම ඉදිරියටම යන්න සියලු දිරිය ලබත්වා!!

:       0       5

T Saturday, 16 October 2021 05:38 AM

විශිෂ්ටයි

:       0       3

Raveendra Saturday, 16 October 2021 06:04 AM

ඔබගේ සියලු පැතුම් සාර්ථක වේවා...!!!

:       1       4

අගුපිලගේ Saturday, 16 October 2021 06:27 AM

මේවාට සිරි ලංකාවේ අගය කිරීමක් ලැබෙන්නේ නම් නැහැ.. රටේ නායක කාරකාදීන්ට අවශ්‍ය ඕනෑදෙයක් ආනයනය කරලා රේගු ආදායම් හා කොමිස් ගැනීමට පමණි...

:       0       2

පිටිගල මිලානෝ Saturday, 16 October 2021 07:33 AM

අර වේගයෙන් පුරන් කුඹුරු වපුරපු චිත්‍ර ඇඳපු කොල්ලෝ සෙට් එක කෝ දැන්...? එ්වත් කළේ බුද්ධි අංශය මෙහෙයවීමෙන්ද?

:       2       6

චන්දන Saturday, 16 October 2021 07:39 AM

සතුටුයි . ඔබට සුබ පැතුම් . නමුත් වැඩක් වෙන එකක් නැහැ . පහුගිය කාලෙ කොතරම් නිෂ්පාදනය කළාද. ඒවට මොකක්ද වුනේ . ඔක ඇමරිකාව ,ජපානය ,චීනය වගේ රටකට දෙන්න . ඔබට ඉදිරියට යන්න පුළුවන් .

:       0       4

දිසා....ගම්පහ. Saturday, 16 October 2021 08:00 AM

දේශීයව නිෂ්පාදනය කරනු ලබන මෙවන් නව නිපැයුම් වැඩි දියුණු කිරීම දිරිගන්වමින් දේශීය නිෂ්පාදකයින්ට අතදිය මුත් සිදුවන්නේ යම්යම් වාසි තකා සෑමදෙයක්ම ආනයනය කිරීමට යොමුව සිටීම බව පෙනෙන්නට ඇත...

:       0       4

gunarathnaSaturday, 16 October 2021 01:22 PM

අනේ මන්දා මහත්තයො ලන්කාවේ මේවා කරලා ඉදිරියට යන්න බැහැ. පුලුවන්නම් ඔක පිටරටකට විකුණලා කීයක්හරි හොයාගනන බලනන

:       0       2

SM Saturday, 16 October 2021 01:12 PM

හොඳ වැඩක්...!!! මේවාට ඉතින් WHO අනුමැතිය ඉල්ලන සෙට් එකක් එයි. මොකද පිට 150000 යේ වෙන්ටිලේටරය ලංකාවේ විකුණන්නේ 350000ට නේ. එ්වායේත් හොරා කන කම්බා හොරු සෙට් එකක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 39 0

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 252 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 141 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 263 1

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 599 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 767 4

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1724 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site