( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ලංකා සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් කළමනාකාරවරයකු අද (04) අත්අඩංගුවටගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
වාහනයක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ උණවටුන සංචාරක හෝටලයක සැඟව සිටියදී අඹන්පොළ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි හිටපු මෙහෙයුම් කළමනාකාරවරයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
2013 වසරේ සිට ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් හිටපු වෙළද හා පාරිභෝගික කටයුතු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව පැවසෙන එතනෝල් සමාගක එතනෝල් ප්‍රවාහනය කිරීම සදහා සැකකරුගේ මැදිහත්වීම මත යොදාගෙන තිබුණි.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව 2016 වසරේ සිට සිදු කළ දීර්ඝ හා සංකීර්ණ විමර්ශනයකින් අනතුරුව අනාවරණය කරගත් තොරතුරු වලට අනුව සිද්ධියට සම්බන්ධ හිටපු ඇමතිවරයාගේ වැඩිමහල් පුත්‍රයා සහ ලේකම් වරයකු අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පැවසේ.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවල වැටලීම් සිදු කළ අතර ඔහුගේ පදිංචි ස්ථාන හා ජංගම දුරකථන අංක වෙනස් කරමින් විමර්ශන නිලධාරීන් මගහැර තිබුනත් අද අලුයම සිය අනියම් බිරිය සමග උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක සැඟව සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි .
;

COMMENTS