
(අංජුල මහික වීරරත්න)
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා ප්‍රමුඛ පකිස්ථාන නියෝජිත පිරිස අතර නිල හමුවක් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව අදහස් හුවමාරු කර ගැණුනි.
ගුවන්සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම, දෙරට අතර ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීම සහ ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධන අවස්ථා පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
එමෙන්ම වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යන කාරණා පිළිබඳව ද සාකච්ඡා විය.
දිට්වා ව්‍යසනයෙන් අනතුරුව ශ්‍රී ලංකාව ශක්තිමත්ව යළි නැගී සිටිමින් අත්කරගෙන ඇති සංවර්ධන ප්‍රගතිය පිළිබඳව පාකිස්තාන නියෝජිත පිරිසගේ ඇගයීමට ලක්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd