(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පැවසීය.
ඒ අනුව මැයි මස අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය.
ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමටත්, සවර්ධන නියෝජිත ආයතන වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ආදී ජාත්‍යන්තර ආයතනවල සහය එම ක්‍රියාවලියට සහ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට ලබා ගැනීමටත්, මුල්‍ය සහ මානව සම්පත් විගණනයන් අවසන් කිරීමටත් සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පුර්ණ ක්‍රියාවලිය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස අවසන් වන විට සම්පුර්ණ කිරීමටත් අනුමැතිය ලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ කාලයකට කාටවත් අත තියන්න බැරිවුණ ආයතන අතරින් ලංවිම සහ තෙල් සංස්ථාව මුල් තැනක් ගන්නවා. ඒ වගේම, ඔවුන් රටේ අනිකුත් ආයතන වලට සාපේක්ෂව අති විශාල (විශාල වැටුපක් නොවෙයි, අති විශාල වැටුපක්) ලබාගන්නේ රටේ ජනතාව ඇපයට අරගෙනයි. හොඳින් හෝ නරකින් මේ ප්‍රශ්නය විසඳීමට දැන් කාලය පැමිණ තියනවා.
ඔබයි වීරයා... ඇමතිතුමනි