(දයාරත්න ඇඹෝගම)

ඇටවීරගොල්ලෑට , පාඩික්ගම 18 කණුව අසලදි කාන්තාවක් විසින් පදවන ලද යතුරු පැදියක් තවත් යතුරු පැදියක ගැටිමෙන් සිදුවු අනතුරින්  යතුරු පැදිය පැදවු කාන්තාව මිය ගොස් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව ඇටවීගොල්ලෑව පොලිසිය කියයි.

මේසේ මිය ගොස් ඇත්තේ හිරල්ලුගම, ඇටවීරගොල්ලෑව පදිංචිව සිටි ජයසේකරගේ සකුන්තලා ප්‍රභා කුමාරි(45)හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාව සිය සැමියාද සමගින් පල්සර් වර්ගයේ යතුරැ පැදියකින් හිරල්ලුගම සිට කැබැතිගොල්ලෑව දෙසට ගමන් ගනිමින් සිටියදි  යතුරු පැදියේ  වේගය පාලනය කර ගත නොහැකිව කැබැතිගොල්ලෑවට සිට ඇටවීරගොල්ලෑව දෙසට ධාවනය වෙමින් තිබු යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.