(යොහාන් භාසුර)
අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව හෙට (7) පෙරවරු 7.00 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.
පරිපූරක වෛද්‍ය සේවාව සහ හෙද සේවාව ඇතුළු අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව කී රවී කුමුදේශ් මහතා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, සහ ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදී කණ්ඩායම් 16 ක සියලුම වෘත්තීයවේදීන් මෙම වරජනයට සහභාගී වන බව ද සඳහන් කළේය.
පිළිකා රෝහල්, ළමා රෝහල්, මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අශිෂ්ඨ මිනිසුන්ට වගකීම් හෝ යුතුකම් ගැන කියන එක බීරි අලින්ට වීණා වැයීමටත් හපන්... අපේ රට ඉදිරියට නොයෑමට දේශපාලකයින්ට වඩා මේ රවි කුමුදේස් වැනි ස්වයං ටයිටල් ධාරී විද්වතුන් හේතුවක්...
මේකට පාදෙණිය හවුල් නැද්ද? සර් ෆේල්...!
තියෙන සැප මදි නේද? මෙහෙමත් කුහකයින් පිරිසක්...
මේ වගේ කාලකණ්ණි ඉන්න කොට රට හැදෙයිද? ජනතාවගේ සල්ලි වලින් පඩි අරන් පුද්ගලික ක්ලිනික්වල හැමදාම වැඩ.. මේ අයට ගල් ගහන්න ඕනෑ. එතකොට නවතියි. ඕවා ඔක්කොම අවස්ථාවාදී සමිතිකාරයෝ...
අහිංසක මිනිස්සු අමාරුවේ මේ හැත්ත නිසා... මෙයාට මිනිස්සු එකතුවෙලා ගහන්න ඕනෑ... රටට හරියයිද මෙහෙම කාලකණ්ණි ඉන්නකොට..
රසායනාගාර තාක්ෂණවේදීන්ට විද්‍යාඥ කියලා නම වෙනස් කරනවා නම් අනෙකුත් අංශවල නිලධාරීන්ගේ නම් වෙනස් කරන්න වෙනවා. ඖෂධවේදී විද්‍යාඥ, විකිරණ වේදී විද්‍යාඥ, මහජන සෞඛ්‍ය විද්‍යාඥ, පවුල් සෞඛ්‍ය විද්‍යාඥ, ඖෂධ සංයෝජන විද්‍යාඥ, වගේ තනතුරු නාම වෙනස්විය යුතුයි...
මේ අයට යන්න වෙනම අපායවල් හදන්න වෙයි...!
මේ කාලකන්නි හිස් මිනිසුන් ඉන්න තුරු අපේ රට ගොඩගන්න බෑ. ඒවාට උඩගෙඩි දෙන කොටසකුත් ඉන්නවනේ...
මෙතන ඉන්නවා නේද අර රාජිතයාගේ ළඟම බෝලකාරයෙක්...? මුහුණේ ලේ කඳුලක්වත් නැති ජීවිතේටවත් හිනාවෙලා නැති දින කීපයකට දියවන්නාව අනාථ මඩුවේ මහජන මුදලින් සැප ගත්ත මලපෙරේතයින්...?
රට විනාශ කරන්න 3% හිටියාම ඇති. මම හිතන්නේ රටේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් නැති කණ්ඩායම්/ පක්ෂවලට අනවශ්‍ය විදියට මාධ්‍යයේ ඉඩක් නොදිය යුතුයි.
මිනිස්සුන්ට දැනෙන්න ඕනෑ. මේ රජය කරන වැරදිවලට පාරට බහින්න ඕනෑ මිනිස්සුන්මයි. එය නොකරන තාක්කල් රජයේ නිලධාරීන් වර්ජන කීරීම් අත්‍යාවශ්‍ය වේ. වර්ජනය කරන නිලධාරීන් හට විරුද්ධ වීමට හැකි සමාජයේ පුද්ගලයින්, රජයේ කරන නොමනා වැඩවලදී සහාය දක්වයි. උදාහරණයක් ලෙස කවුරුත් දන්නා රන්ජන් රාමනායක ඔහුට නිදහස ලාබාදීම සඳහා කීයෙන් කී දෙනාද පාරට බැස්සේ...? තමන්ට හානියක් වෙනකන් අනුන්ට දොස් නගමු..
ගම කොහේද? මුලක් නැති කුමුදේශ්...!
ජපන්නු, සිංගප්පූරු ජාතිකයෝ දන්නවද රටක් දියුණු කරන්න...? මෙන්න මෙහෙමයි අපි අපේ රට දියුණු කරන්නේ... හොඳට බලාගනිල්ලා.. දැන් ඔක්කොම එකට කියන්න හොඳ හඬ දාලා... සසර වසන තුරු... නිවන් දකින තුරු...
චික් විතරක්... රට කනවා.