(සුජිත් හේවාජුලිගේ

රෝහල්වල පාවිච්චි කරන ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැති බව  සෞඛ්‍ය හිටපු  අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

හැම ඖෂධයකින්ම  සියයට 00.1 ක හෝ අතුරු ප්‍රතිඵල පැමිණීමේ හැකියාව තිබෙන බව ඔහු සඳහන් කළේය.

ඖෂධ හේතුවෙන් ආසාත්මිකතා දිනකට සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වන බව පැවසූ ජයසුමන මහතා නිර්වින්දන ක්‍රියාදාමය නිසාද  සංකූලතා ඇතිවිය හැකි බව ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සැලකිය යුතු ඖෂධ ප්‍රමාණයක් නැවත කැඳවා ඇති බවත් ඖෂධ වල ප්‍රශ්නයක් ඇතැයි  ඉන් පැහැදිලි වන බවත් ඔහු කීවේය.

ඒ ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන ආ ඒවා බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඖෂධ විද්‍යාත්මක විගණනයක්  කළයුතු බව  ඔහු පෙන්වා දුන්නේය.