IMG-LOGO

රෝහලේ නේවාසිකව සිටි පස් දරු පියාගේ සිරුර කුණු කාණුවක

(සුමිත් පොතුපිටිය )

කළුතර ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගනිමින් සිටී රෝගියෙකු කුණු කාණුවක වැටී මියගොස් සිටියදී අද (01)උදෑසන හමූවී ඇති බව දකුණු කළුතර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මතුගම, ඕවිටිගල , කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී වරාපිටියගේ චන්ද්‍රසේන නමැති 77 හැව්රිදි පස්දරු පියෙකු  බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා පාදයේ තුවාලයක් හේතුවෙන් ඉකුත් 30 දා රෝහලට ඇතුලත්ව 05 බී වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් , ඊයේ රාත්‍රි වැසිකිලි යන බව පවසමින් පිටව ගොස් ඇති බවත්  රෝහල් ප්‍රකාශකයෙක් කීය.

අද උදැසන රෝහල් පොලිසිය ඉදිරිපිට අප ජලය බැසයන කානුවක තිබෙනු දැක පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන් වේ.

කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද පරීක්ෂණ සිදුකල අතර , හදිසි මරණ පරීක්ෂක එස්.ඒ.කුමසාරු මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ. 

මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි සැරයන්  එස්.ඒ.ආර්.කේ. ද සිල්වා (55318) පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

රෝහලේ නේවාසිකව සිටි පස් දරු පියාගේ සිරුර කුණු කාණුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 17 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 182 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 506 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site