
(බන්ඳු තඹවිට සහ මහීපාල ජයලත්)
කොටස් එකලස් කර ජිප් රථයක් අලෙවි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුව ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා අද අධිකණයට බාරවීමෙන් පසු ලබන 01 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මතුගම මහේස්ත්‍රාත් ඒ.අයි හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළාය.
එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතන මහතාගේ පුත් රසික විතාන මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 04
630
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රෝහිතගේ බෑණා ඇතුළට: ජගත්ගේ පුතා එළියට
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 24 July 2025 05:39 PM
මාමණ්ඩි ඇතුළට යන්නේ කවදාද?
අරවින්ද මොණරවිල Thursday, 24 July 2025 05:50 PM
දැන් රෝහිත අඬයිද දන්නේ නැහැ, වාහනයක් වික්ක පලියට ළමයින්ව මෙහෙම අත්අඩංගුවට ගන්නවා ද අහලා..
Bunny Preena Friday, 25 July 2025 10:18 AM
වාහන විකුනන පුද්ගලයින් මින් මතුවට කරන්ට තියෙන්නේ, විකුනනු ලබන වාහනය අනීතිකව එකලස් නොකරන ලද වාහයක් බව තහවුරු කර සහතිකයක් ලබාදෙන එකයි . එතකොට සහතිකය ලබාගන්න පුද්ගලයාට මෙවැනි කරදර වලට මුහුණ දීමට වෙන්නේ නැහැ.
lanka Friday, 25 July 2025 02:51 PM
"අනීතිකව" එකලස් කරන ලද වාහන වලට ඉල්ලුම ඇතිවී තිබෙන්නේ, රටේ වාහන ගෙන්වීමට ඇති බාධක සහ වාහන වල මිල ගණන් මිනිසුන්ට දැරිය නොහැකි අන්දමට අධික වීමයි. රටේ මිනිසුන්ට දැරිය හැකි මුදලකට වාහන ගැනීමට හැකි වාතාවරණයක් ඇත්නම්, මෙවැනි "අනීතික" දේ සිදු නොවනු ඇත.