
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පුතුපිටිය)
කොටස් එකලස් කර තනන ලද සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දියණිය මීට සුළු මොහොතකට ඉහතදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ බාර වූ බව එම ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී උදය කුමාර මහතා පැවසීය.
එම සැකකාරිය නීතිඥවරයකු මාර්ගයෙන් භාර වීමෙන් අනතුරුවය.
ඉකුත් 20 දා එකී සැක කටයුතු ජීප් රථය පදවාගෙන යමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන භාරයට පත්කර පසුව ඇපමත මුදා හැර තිබිණි.
මෙම සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභේ ගුණවර්ධන මහතාගේ බෑනාද අත්අඩංගුවටට ගෙන ලබන මස 01 දක්වාම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තලා දුවලා පූතාලා සහ අම්මලා එකට හිරේ යන කාලයක් උදාවෙලා තියෙන්නේ, දැන් සූදානම් වෙයව් පොහොට්ටු සජබ අලි හොර හවුලේ.......
ඉස්සර වගේ වෙට්ටු දාන්න දැන් බැහැ නේද?
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ, ඔබයි දිවිය අර්ථවත් කලේ....
@Aravinda Monarawila... එතකොට පොහොට්ටුව ජෙප්පු හොරගෙඩි ටිකට මොකද වෙන්නේ...?
නීතියට කට්ටි පනින අයගේ හොර හිත මනාවට පැහැදිලි වෙනවා.
අනේ මන්දා මට හිතා ගන්න බැහැ... ඇයි මිනිස්සු මේ තරමටම සල්ලි වලට කෑදර කියලා...
බාර වෙන්න තිබුණෙ දේවාලෙකට නරක කාලෙට එන අපල දෝෂ නැතිවෙන්න කියල. පඬුරට දෙයියන්ගේ බ්‍රෝකර්ට v8 එකක් ගැලපෙනවා.