යුක්රේන රුසියන් අර්බුදය හමුවේ, රුසියාව අධික වට්ටමක් ලබා දෙමින් බොරතෙල් සහ අනිකුත් භාණ්ඩ ඉන්දියාවට විකිණීමට සුදානම්ව සිටී.

යුරෝපා සංගමය සහ අනිකුත් රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙසේ අධික වට්ටමක් ලබාදීමට රුසියාව තීරණය කර ඇති අතර ඉන්දියාව සමග ගණුදෙනු ඉන්දියානු රුපියල් සහ රුසියන් රූබල් වලන් සිදුවීමට නියමිත බව පැවැසෙයි. 

රුසියාව අපිට බොරතෙල් මිලදී ගැනීමේදී ලොකු වට්ටමක් දෙන්න කැමති,අපිත් සතුටුයි රුසියාවෙන් බොරතෙල් මිලදී ගන්න රක්ෂණ සහ ගබඩා ගැටළු කිහිපයක් තියෙනවා ඒ ටික විසඳ ගත්ත ගමන් අපි රුසියාවෙන් බොරතෙල් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා” යැයි ඉන්දියානු රජයේ නියෝජිතයෙක් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් පවසා තිබේ.

බ්‍රෙන්ට් කෘඩ් සමාගමේ බොරතෙල් බැරලයක මිලට වඩා ඩොලර් 25 ක් අඩුවෙන් බොරතෙල් බැරලයක් ලබාදීමට රුසියාව කැමැත්ත පළ කර ඇති අතර මින් ඉදිරියට රූබල් මුදල් ඒකකයෙන් ගෙවීම් කළයුතු බව රුසියානු රජය පවසයි.

ඉන්දියාව දිනෙන් දින ලෝක වෙළඳපොලේ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් රුසියාවෙන් බොරතෙල් මෙන්ම විවිධ අමුද්‍රව්‍ය වර්ග ද මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඉන්දීය රජය පවසයි.

(රොයිටර්)