IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රුසියාවේ රඟහලකට ප්‍රහාරයක්: 40 ක් මරුට

රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් සිවු දෙනකු පැමිණි බව පොලිසිය කියයි. ප්‍රහාරයෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

ප්‍රහාරය එල්ල වූයේ ක්‍රොකස් නගර සභා රඟහලේ රොක් සංගීත ප්‍රසංගයක් ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. තුවක්කුකරුවන් හිටිහැටියේ රඟහලට කඩා වැදී වෙඩි තැබීමට පටන් ගත් බව සිද්ධිය දුටුවෝ පවසති.

එල්ල වුණු ප්‍රහාරයෙන් රඟහලට ගිනි ඇවිලුණු බවත්, රඟහල වහලේ කොටසක් කඩා වැටුණු බවත් වාර්තා වේ. මියගිය සහ තුවාල ලැබූවන් අතරේ කුඩා දරුවෝ ද වෙති.

ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි සැක කෙරේ. මීට සති දෙකකට පෙර, ඇමෙරිකන් බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් අනුව, රුසියාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලය පවසා තිබුණේ ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මොස්කව් අනුවරට රැස්වී සිටින බවය.

(බීබීසී)



අදහස් (4)

රුසියාවේ රඟහලකට ප්‍රහාරයක්: 40 ක් මරුට

කල්ප Saturday, 23 March 2024 06:14 AM

එහෙත් හිටං කෙනෙක් ඉඳලා තියෙනවා එහෙනම්... ඔච්චර බුද්ධි අංශ අනතුරු ඇඟවීම් තිබිලත් ඇක්ෂන් අරන් නැත්තේ ඒකයි.

:       0       16

යෝගා Saturday, 23 March 2024 01:45 PM

මෙහෙත් රුසියන්කාරයෝ ටාගට් කරලා පහර දෙන්න පුළුවන්. කල්පනාවෙන්...!

:       5       6

Nandalal DE SILVA - France Saturday, 23 March 2024 03:47 PM

මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් පිටරටින් ඇවිත් රුසියාව ඇතුලේ කරන්න බැරි බව අද උපන් දරුවෙකුට නොතේරුණත්, හැමෝටම තේරෙන දෙයක්... යුක්රේනයට එරෙහිව පුටින් කාරයාගේ පහරදීම් වැඩිකිරීම සඳහා රුසියානු බුද්ධි අංශ දියත් කරපු නිහීන ප්‍රහාරයක් බව දැන් මුළු ලෝකයම දන්නා කාරණයක් වී තිබේ. මේ දැන් ලැබුණු ආරංචි අනුව මරණ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබේ..

:       8       8

HelayaSaturday, 23 March 2024 08:55 PM

කණපිට පෙරළන ලාංකීය මනස දිය යටින් ගින්දර ගෙනියන්න පුළුවන් ලෝකයේ ජනකොටස...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site