
(අජන්ත කුමාර අගලකඩ)
කුඹුරුවලට , එළවළුවලට සහ අපනයන බෝග වගා වලට අවශ්‍ය රසායනික පොහොර නැවත ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 40 දෙනකුගේ පමණ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යවමින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.
වී ගොවීන්, එළවළු ගොවීන් මෙන්ම අපනයන බෝග වගා කරුවන් ද රසායනික පොහොර සහ කෘෂිරසායන නොමැතිවීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බැවින්, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සංවේදීව යළි සිතා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වී වගාවට අවශ්‍ය රසායනික පොහොර නොදුන්නේ යයි කියමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගොවීන් පසුගිය කාලයේ උද්ඝෝෂණය කළ අතර, ඇතැම් ප්‍රදේශවල ගොවීහු මෙවර කන්න රැස්වීම වර්ජනය කළහ.
මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර නොදෙන්නේ නම් මහ කන්නයේ වගාවට අවශ්‍ය ජලය මුදා හැරීම ද නොකරන්නැයි ඔවුහු පසුගිය දින කිහිපයේ විරෝධතා ව්‍යාපාර පවත්වමින් කියා සිටියහ.
මේ අතර තේ වගාව සඳහා කාබනික පොහොරවලට පියවරෙන් පියවර යොමු වන තෙක්, රසායනික පොහොර ආනයනය කිරීමට පසුගිය සතියේ රජය අවසර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම සමඟ පිලිසඳරක් කියලා ගස් ගල් උඩ නලුවො දාල මහජන මුදල් කාබාසිනියා කරල නරි නාටකයක් පැවැත්වුවා මතක නැද්ද ? පුළුවන් නම් ඒ වගේ කාබනික පෝර වලින් ගොවිතැන් බත් කරන හැට් සර් සමග වියත් ගෝලයො රොත්ත ගමට ගිහිල්ල කියන්න.
බයියන්ට තේරෙන කමත් භාෂාවෙන් සර් ෆේල් කියන්නේ ඕකට තමයි.
ඔය ලියුම බාර දෙන්න තිබුනෙ මහිදානන්ද ගරු ඇමතිතුමාට. පේන විදියට කාබනික වී ගොවිතැන ගැන ජනාධිපතිතුමාටත් වඩා තදින්ම ඉන්නෙ එතුමා. ජනාධිපතිතුමා සුපුරුදු පරිදි රිවර්ස් වුනත් ඇමතිතුමා ගොවියන්ව කාබනික වගාවෙන් අයින් කලොත් ඇමති කමෙනුත් ඉල්ලා අස්වෙයි.
පනින්න පෙර සිතා බලනු කියන්නේ මේ නිසයි.
කාලෙක සිටම ගොවීන් උද්ඝෝෂණ කරනවා පෙනුණේ නැද්ද දැන් පළාත් සභා මැතිවරණය තියන්න කියලා ඉංදියාවෙන් කියනකොට ගමට යන්න බැරුව බයිලා ගහනවා.
ප්‍රමාද වැඩියි. ඔබ පරාදයි. වෘත්තීය දැනුම නැතිව අණදීම හමුදාවට පුලුවන් වුණාට සිවිල් සමාජය තුළ බැහැ. හමුදාව පාලනය කරන සියලුම රටවල් අන්ත දූෂිත සහ දුප්පත්කම පිරුණ තැන්... ඒ වගේම පාලකයින්ට පැවැත්මක් නැති තැන්. ලිබියාව, ටියුනීසියාව තව ටික කලකින්ම සිරියාව වුණත්..
රිවස් කරන්නම වෙනවා. ඒකත් ෆේල්. මාර වැඩේනේ මෙයා අත ගහන ගහන හැම එකම ෆේල්.
ලැබුණු ජන වරමයෙන් උද්දාමයට පත්වී හමුදා ක්‍රමයට නියෝග දීමේ වැරදි කළමනාකරණය නිසා දේශීය කෘෂි හා වැවිලි අනතුරට පත්ව ඇත. කාබනික කියා අනුන්ගේ කුණු, පොහොර ලෙස ආනයනය කොට භාවිතා කිරීමට සිදුව ඇත. සහල් ගෙන්වීමට සිදුව ඇත.
අර කාබනික පොහොර ගැන රචනා ලියපු අයත් ඉන්නවද ඔතන? දැන් ජවිපෙට අවලාද කියපු අය මොකද කියන්නෙ? එකම අකුරු සහිත පෝස්ටර් ගැන එහෙම කිව්වෙ?
බලන්න අපේ සර් ට එක වැඩක් කරන්න දෙන්නේ නැහැ කකුලෙන් අදිනවා .තවත් අවුරුදු 2 ක් ඔහොම යන්
මෙච්චර ඉල්ලනවා නම් රසායනික පොහොර දෙන්න... ඒ නිසා ඇතිවෙන රෝග වලට පැනඩෝල් දෙමු. බදු මුදල් බෙහෙත්වලට වියදම් කරන්න එපා...