(විනීතා එම් ගමගේ)
උපද්‍රවකාරී රසායනික මුහුදු මඟින් ප්‍රවාහනයේ දී සිදුවන හානි හා පාඩු ගැන ක්‍රියාත්මකවන ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව මේ වනතුරුත් අස්සන් කර නැතැයි පාරිසරික යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙන්වා දෙයි.
1996 දී ප්‍රකාශයට පත් කරන ලද එම සම්මුතියට අස්සන් කර තිබුණේ නම් පවතින අති මහත් විනාශයෙන් යම් ප්‍ර්‍රමාණයකට හෝ වන්දි ලබා ගත හැකි යැයි බලාපොරොත්තුවක් හෝ තබා ගත හැකි යැයි ද එහි සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කියයි.
එම සම්මුතියට නාවික ගමනාගමනයන් සිදුකෙරෙන මුහුදුසීමාවන් අයත් රටවල් සියල්ලම පාහේ අස්සන් කර ඇති බවත් එසේ අස්සන් කර ඇති රටවල් මෙවන් ව්‍යසනයකට මුහුණ පෑ අවස්ථාවන් හිදී භූමිය වායු ගෝලය මෙන්ම සමුද්‍ර ජලයට යම් හෙයකින් අපාදාවට ලක්ව ඇත්නම් එකී සම්මුතිය යටතේ ඇති අරමුදලෙන් වන්දි ලබා දීමට කටයුතු කරන බව ද දාබරේ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කේන්දර කාරයෝ... කේන්දර බලන්න පටන් ගන්නේ වැඩේ කෙළවුණාට පස්සේනේ..?
මොන අත්සන් කෙරිල්ලක්ද..? ඕවා දන්නා දේශපාලකයන් හා ඉහළ පෙළේ පත්කළ නිලධාරීන් අද නැහැ. ඒ අය දන්නේ වෙනත් දේවල් වගෙයි පේන්නේ. දන්නවා නම්, මේවා වේවිද? දේශපාලනයට ආවාට දේශපාලන විද්‍යාවේ "අ" හෝ දන්නේ නැති අයත් ඉන්නවා. ඒත්, මගෙ අම්මෝ... පෙන්නන්නේ, කතාකරන්නේ මහා පඬිවරුන් වගේ. රටේ සල්ලි කන උපදේශකයන් ලවා ලියවාගෙන කටපාඩම් කරගෙන උගතුන් මෙන් පෙනී සිටියත්, වැඩේ කෙරුවාවෙන් කාගෙ කාගෙත් වැඩ කිඩ හොඳටම පේනවා...
වැඩේ හරි. වන්දිය එහෙම්මම යට යෑමක් තියෙන්නේ... කොයි රටේ එකවුන්ට් එකට යයිද දන්නේ නැහැ නේද?