
(සුමිත් පොතුපිටිය )
කළුතර උතුර වස්කඩුව මුහුදේ අද (23) දවල් දියනාමින් සිටියදී මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් බේරාගැනීමට මුහුදට පැන්න හෝටල් ජීවිත ආරක්ෂක නිළධාරියෙකු මුහුදේ ගිලී මියගොස් ඇති බවත් මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් ඇතුළු සිව්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත්ව ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කළුතර උතුර සුමංගල පාරේ පදිංචිව සිටී ජී.ධනුෂ්ක ප්‍රියදර්ශන පෙරේරා නමැති 36 හැව්රිදි දෙදරු පියෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා වස්කඩුව මර්මේඩේ සංචාරක හෝටලයේ ජීවිත ආරක්ෂක නිළධාරීයෙක් ලෙස සේවය කරන බවද සදහන් වේ.
අද දහවල් රුසියන් යුවලක් මුහුදේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර , එහිදී රුසියන් කාන්තාව හෙල්ප් හෙල්ප් යනුවෙන් උදව් ඉල්ලා කෑ ගසා ඇති බව අවට සිද්ධිය ඇසින් දුටූවන් පැවසීය.
එහිදී මියගොස් ඇති තැනැත්තා එක්වරම මුහුදට පැන පිහිනා යමින් සිටියදී ඔහුද සැඩ රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.
ඒ අනුව ක්‍රියාත්මකවූ හෝටලයේ තවත් සේවකයින් දෙදෙනෙකුද මුහුදට පැන ඔවුන් දෙදෙනාද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර , අවට තරුණයන් සිව්දෙනෙකු සහ තවත් හෝටලයේ සේවකයින් දෙදෙනෙකු එක්ව ජීවිත ආරක්ෂක නිළධාරීන් භාවිතා කරන් ලෝන්ග් එකක් සහ කඹයක් ආධාරයෙන් රුසියානු යුවල , හෝටලයේ සේවකයින් දෙදෙනා සහ මියගොස් ඇති තැනැත්තා ගොඩගෙන ඇති බව බේරාගැනීමට එක්වූ තරුණයන් පැවසීය.
ගොඩගන්නා මොහොතේ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ මියගොස් ඇති තැනැත්තා හෝටලයේ ත්‍රීරෝද රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියන් යුවළ බේරන්න ගිය ජීවිත ආරක්ෂක නිළධාරීයා මරුට
Senarath Monday, 24 July 2023 09:05 AM
පවු අහින්සකය. කවුද දැන් එ දරු පවුල රැක දෙන්නෙ ? නිවන් සුව අත්වෙවා.
Bunny Preena Monday, 24 July 2023 11:40 AM
බොහොම කනගාටුදායක පුවතක්.තමන්ගේ ජීවිතය පරදුවට තබා අනුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා කරන අවදානම් සහිත උදාර වෘර්තියක් .ඔහුට නිවන් සුව පතමි