(යොහාන් භාසුර)
රුසියානු තානාපති යූරි මැටේරි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (27) පස්වරුවේ හමුවූහ.
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 65 වසරක් සපිරීම සහ ශක්තිමත් රාජ්‍ය සබඳතාව සහ දෙරට අතර පවතින මිත්‍රත්වය සිහිකළ අතර කොවිඩ් මර්දන ක්‍රියාවලියේ දී මෙන්ම අවැසි සෑමවිටම රුසියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහාය පැසසුමට ලක් කළහ.
තේ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළෙඳාම, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපතිවරයා සහ රුසියානු තානාපති යූරි මැටේරි මහතා සාකච්ඡා කළහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රුසියානු තානාපති - ජනාධිපති හමුවෙයි